ශ්රී ලංකාව යළිත් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව නම් කරයි
ශ්රී ලංකාව සිය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ, ලෝක බැංකුව විසින් මෙරට යළිත් ‘ඉහළ මැදි ආදායම් ලබන’ රටක් ලෙස නම් කර තිබේ. මීට සමගාමීව මෙරට සංවර්ධන හා ප්රතිසංස්කරණ කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව ඇමරිකානු ඩොලර් මිලියන 350ක මූල්ය ආධාර
පාසල් සිසුන්ට පාවහන් ගන්න ආණ්ඩුවෙන් සල්ලි !
2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් පාවහන් යුගල බැගින් ලබා දීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යවරිය ලෙස අග්රාමාත්යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. 2026 වර්ෂය සඳහා ක්රියාත්මක
සුරේෂ් සලේ කළ ඉල්ලීම් තුනක් කොටුව මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කරයි
හිටපු බුද්ධි ප්රධානී, විශ්රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් අධිකරණයෙන් ඉල්ලා සිටි සහන තුනකට අදාළ නියෝග කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් අද (01) ප්රකාශයට පත් කරන ලදී. එහිදී ඔහු කළ ඉල්ලීම් තුනම ලබා දිය නොහැකි බව අධිකරණය තීන්දු කළේය. ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ
හිටපු ජනපති පුතෙකුගේ සුඛෝපභෝගී වාහන ජාවාරමක් !!
රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ඒමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ජාවාරමට හිටපු ජනාධිපතිවරයෙකුගේ පුත්රයෙකු සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය පාලන සමයන් තුළ ක්රියාත්මක වී ඇති
රටකජු ආනයනය සීමා කිරීමට පියවර; ගොවි සංවිධානවලට රුපියල් ලක්ෂ 63ක ට්රැක්ටර්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ ප්රමුඛතම අරමුණ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත ප්රකාශ කරයි. අමාත්යවරයා මේ බව සඳහන් කළේ කුඩා පරිමාණ කෘෂි ව්යාපාර හවුල්කාරීත්ව වැඩසටහන (SAPP) යටතේ ක්රියාත්මක වන “FRIENDS” 4P අගයදාම සංවර්ධන ව්යාපෘතිය මඟින් රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන
කප්පම් සිද්ධියක් නිසා සජබ දෙදරුම් කයි; චරිත් අබේසිංහගේ සිදුවීමෙන් ලක්ෂ්මන් ෆොන්සේකා කොටුවෙයි
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාසගේ දේශපාලන උපදේශකයෙකු මෙන්ම සමීපතමයෙකු ලෙස සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකාට එරෙහිව එම පක්ෂයේ ජේෂ්ඨ නායකයින් පිරිසක් දැඩි විරෝධයක් මතු කර තිබේ. පක්ෂයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පක්ෂය තුළ මේ වන විට බරපතළ මතගැටුමක් නිර්මාණය වී ඇති බවයි. මෙම අර්බුදයට ආසන්නතම හේතුව වී ඇත්තේ එම පක්ෂයේ
‘හරක් කටා’ මුදාගැනීමේ ලක්ෂ 1200ක අල්ලස් සිද්ධිය – හිටපු අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ ගැනත් විමර්ශනයක්
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේදී ඔහුට වාසිදායක තත්ත්වයක් ඇති කිරීම සඳහා රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (25) අධිකරණය හමුවේ අනාවරණය
මත්ද්රව්ය ජාල මෙහෙයවන විදෙස්ගත අපරාධකරුවන්ගේ අනීතික ධනය රාජසන්තක කිරීමට තීරණයක්
අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 232 දෙනෙකු විවිධ විදෙස් රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල ප්රකාශ කළේය. ඉන් පුද්ගලයින් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවට හඳුනාගෙන ඇති බවත්, ඉන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සඳහා අවශ්ය නීතිමය ක්රියාමාර්ග මේ වන විටත් ගෙන
හෙද සේවයට 13,600ක දැවැන්ත බඳවා ගැනීමක්: හෙද විශ්වවිද්යාලය පිහිටුවීම කඩිනම් කෙරේ
කොළඹ හෙද විදුහලේ 2021 කණ්ඩායමේ සිසු හෙද හෙදියන් 210 දෙනෙකු සඳහා හිස්වැසුම් පැළඳවීම සහ සේවයට කැපවීමේ උත්සවය ඊයේ (25) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්සගේ ප්රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී මෙරට හෙද සේවාවේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව විශේෂ කරුණු රැසක් අනාවරණය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා සඳහන්
පොලිසියට පහරදීමේ නඩුව: චමින්ද විජේසිරිගේ තීන්දුව ප්රකාශ කිරීම කල් යයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයකට බාධා කර නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ වාචික දේශන අද (25) අවසන් කෙරිණි. ඒ අනුව, මෙම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීම ලබන මස 28 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය. නඩු නිමිත්තට අනුව, 2019 වසරේ පෙබරවාරි 10