සමගි ජන බලවේගයේ ප්රබල මන්ත්රීවරයන් පිරිසක් මේ වන විට හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ සමඟ රහසිගත සාකච්ඡා ආරම්භ කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගයේ ප්රබල සාමාජිකයකු වූ අශෝක් අබේසිංහ ඉල්ලා අස්වීම මෙම දේශපාලන ක්රියාවලියේ පළමු වෙඩිමුරය බව සජබ තරුණ මන්ත්රීවරයෙකු ප්රකාශ කර තිබේ.
“සජිත් එක්ක අපිට ඉදිරි ගමනක් නෑ කියලා දැන් තේරිලා තියෙන්නේ. හැමදාම එකම තැන එකම දේ කරමින් ඉන්නවා. හිතාගන්නවත් බැරි සජබ ප්රබල චරිත දැනටමත් රනිල් ළඟට යන්න තීරණය කරලා අවසන්,” යනුවෙන් අදාළ තරුණ මන්ත්රීවරයා ප්රකාශ කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවද, පවතින දේශපාලන පසුබිම සමඟ ප්රබල දක්ෂිණාංශික කඳවුරක් ගොඩනැගීම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධාන ඉලක්කය වී ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.