විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට විදෙස් ගමන් තහනමක්!
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශට විදේශගත වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 09කට අධික මූල්‍ය පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව
පොලීසිය විවේචනය කළැයි ළමාරක්ෂක අධිකාරියට මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍රගෙන් දෝෂදර්ශනයක් ; වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන්නත් සූදානම් !
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි බාලවයස්කාර අපයෝජන නඩුවේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය විවේචනය කළ ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්‍රියාකලාපය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව බීබීසී සිංහල සේවය වාර්තා කරයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් ජූනි 5 වැනිදා පැවැති මෙම රැස්වීමේදී, ජාතික ජන
සහරාන් හෂීම් ඇතුළු පිරිසට පඩි ගෙව්වේ ගෝඨාභයගේ අනුදැනුම මතයි – සරත් ෆොන්සේකා
පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනකට වැටුප් ගෙවන ලද්දේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් බවත්, ඔහු ඒ සියල්ල සිදු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අනුදැනුම සහ අවසරය මත බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි. පෙරේදා (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට
මූල්‍ය අපරාධ කල්ලි රටේ ඩොලර් සංචිත කොල්ලකෑ අයුරු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී හෙළි කරයි
සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සහ මූල්‍ය අපරාධකරුවන් එක්ව අවස්ථා 27,000කදී සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු රැසක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව සිදුකරන ලද දීර්ඝ විමර්ශන මාලාවකින් මෙම තොරතුරු
ගෝඨාභයගේ පාස්පෝට් තහනම නිසා කලබල වූ පිරිසකගෙන් විමර්ශන නිලධාරීන්ට මඩ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පැනවීමත් සමඟ දැඩි කලබලයට පත් වූ පිරිසක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මක මඩ ප්‍රහාරයක් දියත් කර තිබේ. හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් සිදු කරන
ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ නව රැකියා අවස්ථා විවර කරමින් සහයෝගිතා ගිවිසුමකට එළඹෙයි
ජපානයේ රැකියා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලාංකිකයන්ට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දෙරට අතර නව සහයෝගිතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ජපානයේ පවතින අඩු ජනගහන වර්ධනය සහ ශීඝ්‍රයෙන් වියපත් වන ප්‍රජාව හේතුවෙන් එරට දේශපාලන හා
රාජ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනයක්: දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නව මාර්ගගත පද්ධතියක්
රාජ්‍ය අංශය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ රජයේ වැඩපිළිවෙළේ තවත් තීරණාත්මක පියවරක් ලෙස, රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන අනුග්‍රහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Railway Season Tickets) මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ නිකුත් කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම නව පද්ධතියට රාජ්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ නිල සමාරම්භක උත්සවය ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය
විමල්ගේ මිලියන 75ක නඩුවට සාක්ෂි කැඳවද්දී, රාජ්‍ය දේපළ වංචාවට ලේකම් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පවරා ඇති රුපියල් මිලියන 75ක අයතා වත්කම් නඩුව අධිකරණය හමුවේ විභාග වන අතරතුර, ඔහුගේ සමීපතම නිලධාරියෙකු වූ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය. විමල් වීරවංශ 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ
2022 අර්බුදය අස්සේ කොළඹ නගර සභාවේ සිදු වූ මහා මූල්‍ය කොල්ලය ! කෝටි 50ක ‘සහනාධාර’ මගඩියක් එළියට !
මෙරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි 2022 වසරේදී, කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ එකහමාරකට ආසන්න පිරිසකට රුපියල් 3,500 බැගින් මූල්‍ය සහන ලබා දුන් බව පවසමින් කොළඹ මහ නගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන රුපියල් කෝටි 50ක දැවැන්ත මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කොළඹ මහ නගර
දූෂණ නඩු 4 කට සරණ ගුණවර්ධන වැරදිකරු වෙයි ! බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් සහ ලක්ෂ 18ක දඩ!
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එක් එක් නඩුව සඳහා බරපතළ වැඩ සහිත වසර 4 බැගින් සිරදඬුවම් පැනවීමට කොළඹ මහාධිකරණය අද (09) තීන්දු කළේය. සිරදඬුවමට අමතරව රුපියල් ලක්ෂ 18ක දඩ මුදලක් ගෙවන ලෙස ද අධිකරණය නියෝග