මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කළ නිල්වලා ව්‍යාපෘතිය හේතුවෙන් වසරක් පාසා පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් වන්දි පිරිනැමීම පසුගියදා සිදු විය. නිල්වලා ලවණ බාධකයේ පවතින ගැටලු හේතුවෙන් දීර්ඝ කාලයක් පීඩා විඳි ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් මෙම වන්දි මුදල් පිරිනැමීම විශේෂත්වයකි.
මෙහිදී ව්‍යාපෘතියේ බලපෑමට ලක්වූ ගොවි පවුල් 3,991ක් සඳහා වන්දි මුදල් ලබා දුන් අතර, එක් පවුලකට හිමි වූ වන්දි මුදල රුපියල් ලක්ෂ 30ක් පමණ වේ. මෙම පියවර හරහා ලවණ බාධකය ආශ්‍රිතව වසර ගණනාවක් පුරා පැවති ගැටලු නිරාකරණය කරමින් පීඩාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.