රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිගේ ස්ථාවරය සැප්තැම්බර් මස 30 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, මෙම නඩුව අද (08) කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර, විමර්ශන ගොනු නීතිපති වෙත යොමු කර ඇති බවය.
නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව, මෙම පැමිණිල්ල යළි සැප්තැම්බර් මස 30 වැනිදා කැඳවීමට නියෝග කර ඇති මහේස්ත්‍රාත්, එදින නීතිපතිගේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කර ඇත.