මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටින බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ගොස් තිබේ.

එහිදී අමාත්‍යවරයා තුවාල ලබා සිටින නිලධාරීන්ට ලබා දෙන ප්‍රතිකාර සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර ඇත.

අදාළ බන්ධනාගාර ගැටුම හේතුවෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මීට අමතරව එම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 54 දෙනෙකු ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.