ජනතා විශ්වාසය කිසිසේත් කඩ කරන්නේ නෑ: ඉදිරි වසර තුනෙත් රට අලුත් මාවතකට – ටිල්වින් සිල්වා
ජාතික ජන බලවේගය ප්රමුඛ ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන මොහොතේ, මෙරට ජනතාව තැබූ අසීමිත විශ්වාසය සහ බලාපොරොත්තු කිසිදු විටෙක කඩ නොකරන බවත්, පැරණි දූෂිත පාලනයෙන් බංකොලොත් වූ රට ගොඩනැඟීමේ අසීරු ගමන සාර්ථකව පෙරට ගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. විශේෂ මාධ්ය සංවාදයකට එක්වෙමින් අදහස් දැක්වූ
අද තමයි දවස
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මෙරට ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් වැඩි ඡන්ද ලක්ෂ 13කට ආසන්න ප්රමාණයක් ලබා දුන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා ය. එතැන් සිට ගෙවී ගිය දෙවසර තුළ ආණ්ඩුවට එරෙහි යම් පමණක උද්ඝෝෂණ පවත්වන ලද නමුත් එක් කඳුළු ගැස් හෝ ජල ප්රහාරයක් ජනතාව වෙත එල්ල නොකරන ලද අතර,
දඹුල්ලේ පාවෙන සූර්ය බලාගාරය ජනපති අනුරගේ ප්රධානත්වයෙන් විවෘත කෙරේ
පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. අක්කර 10.5ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සූර්ය
වතු පාසල් දියුණු කිරීම රජයේ ප්රධාන අධ්යාපන ඉලක්කයක්!
වතු ආශ්රිත පාසල් දියුණු කිරීම රජයේ ප්රධාන අධ්යාපන ඉලක්කයක් බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී අධ්යාපන පරිපාලන සේවයේ නිලධාරීන් වෙනුවෙන් පැවති වතු පාසල් සංවර්ධන වැඩමුළුවකට එක්වෙමින් ඇය මේ බව ප්රකාශ කළාය. සිසුන් සඳහා ඉගෙනුම් හා ඉගැන්වීම් ක්රියාවලිය පවත්වාගෙන යාමේදී
මෙට්රෝ ආයතනයටත් වඩා හොඳින් ලංගමය ගොඩනගනවා – ප්රවාහන නියෝජ්ය අමාත්ය
මෙට්රෝ බස් ආයතනයටත් වඩා විශිෂ්ට අන්දමින් ලංකා ගමනාගමන මණ්ඩලය ගොඩනැගීමට පියවර ගන්නා බව ප්රවාහන නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන ප්රකාශ කරයි. අද (17) පැවති සමුළුවක් අමතමින් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, පොදු ප්රවාහනයේ ජීවනාලිය බඳු වූ ලංගමයේ සමස්ත මුහුණුවර ලබන වසර අවසන් වන විට සම්පූර්ණ පරිවර්තනයකට ලක්වනු ඇති බවට තමන් විශ්වාස කරන
දරුවන්ගේ ආරක්ෂාවට රජයෙන් ලොකු පියවරක්! නිවසක් හදන්න රු. මිලියන 2ක්
දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්රමුඛ වගකීමක් බවත්, එම වගකීම රජය අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය මඟින් ක්රියාත්මක කරනු ලබන ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා
ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය සහ මූල්ය විනය IMF මෙහෙයුම් ප්රධානියාගේ ඇගයීමට
ශ්රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන අතර, එම ස්ථාවරත්වය පදනම් කරගනිමින් රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. එමෙන්ම, රට අත්පත් කරගෙන තිබෙන ආර්ථික ජයග්රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට
සිරිලිය සවිය’ මූල්ය අක්රමිකතා විමර්ශන දැඩි කෙරේ ! සිරිලියගේ පපුව රිදෙනවාලු… ප්රශ්න කිරීමට ගිය ගමනත් කල් යයි!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ධුරය දැරූ සමයේ ක්රියාත්මක වූ ‘සිරිලිය සවිය’ පදනම හරහා සිදුව ඇතැයි කියන මූල්ය අක්රමිකතා පිළිබඳ නව පැතිකඩ කිහිපයක් ඔස්සේ පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) සහ නීතිපතිවරයා සිය විමර්ශන දැඩි කර තිබේ. මෙම විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂගෙන් අද දින (2026 සැප්තැම්බර් 14) දීර්ඝ ප්රශ්න කිරීමක් සිදුකිරීමට
අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කිරීමට’ කාලය පැමිණ ඇතැයි නියෝජ්ය අමාත්යවරයා පවසයි
ජනතාව මුහුණ දෙන ගැටලු මොනවාදැයි සෘජුවම හඳුනාගැනීම සඳහා රජය විසින් ජනතාව හමුවට යාමට තීරණය කර ඇති බව නියෝජ්ය අමාත්ය සුනිල් වටගල ප්රකාශ කරයි. උත්සවයක් අමතමින් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, එම වැඩපිළිවෙළට සමගාමීව ජනාධිපතිවරයා ද විවිධ ප්රදේශවල සංචාරය කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව පසුගියදා බුලත්සිංහල, බේරුවල සහ පොළොන්නරුව වැනි
හරිතාගාර සහ සුහුරු කෘෂිකර්මාන්තයට චීනයේ සහයෝගය – චීන තානාපති වේයි හුවාෂියැං
මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උසස් තාක්ෂණික සහය ලබාදෙන බව ශ්රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) පවසයි. ඔහු මේ බව ප්රකාශ කළේ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත අද (14) හමුවූ අවස්ථාවේදීය. එම හමුවේදී චීන තානාපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූයේ හරිතාගාර වගාවන් සහ සුහුරු කෘෂිකර්මාන්තය