1983 ‘කළු ජූලිය’ ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (28) පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභාව පත් කිරීම පිළිබඳව දැනුම් දෙනු ලැබීය.

‘කළු ජූලිය’ සිදුවීමෙන් ඇති වූ බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස වෙත සහන සැලසීම පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මෙම විශේෂ කාරක සභාව මගින් කටයුතු කෙරෙන බව සඳහන් වේ.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් පහත පරිදි වේ.

  • නීතිඥ හර්ෂණ නානායක්කාර (අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය)
  • එරංග ගුණසේකර (නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය)
  • මුනීර් මුලාෆර් (ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය)
  • පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් (සමගි ජන බලවේගය)
  • පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර්තනාදන් අඩෛක්කලනාදන් (ජනනායක තමිළ් තේසිය කූට්ටනි)
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් (ඉලංකෙයි තමිල් අරසු කච්චි)
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි (ජාතික ජන බලවේගය)
  • පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිනානායක (ජාතික ජන බලවේගය)
  • පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර (ජාතික ජන බලවේගය)
  • පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක (සමගි ජන බලවේගය)
  • හිරුණි විජේසිංහ (ජාතික ජන බලවේගය)