ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස් කර ගැනීම ගැන නාමල් රාජපක්ෂ කළ ප්රකාශයට විශ්ලේෂකයන්ගෙන් දැඩි ප්රතිචාර
පොහොට්ටු පක්ෂයේ ප්රචාරකයන් විසින් ලිමිනි වීරසිංහ පිළිබඳව විශාල ප්රචාරයක් ගෙන යන අතර, ඇයගේ සැමියා වන නාමල් රාජපක්ෂ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිව දේශපාලන සටන් පාඨයක් කර ගෙන තිබේ.
පසුගිය 23 වැනි දින පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ ප්රකාශ කර ඇත්තේ අනෝජන් ශිවරාජා සෞදි අරාබියේ අධිකරණයක් විසින් පැනවූ මරණ දණ්ඩනයෙන් නිදහස් කර ගැනීමට ක්රියා කළ ආකාරයට ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ද නිදහස් කර ගත යුතු බවය.
නාමල් රාජපක්ෂගේ මෙම ප්රකාශයට එරෙහිව දැඩි ප්රතිචාර දක්වන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඔහු ඍජුවම අන්තවාදය වෙනුවෙන් පෙනී සිටීම ආරම්භ කර ඇති බවයි.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස් කළ යුතු බවට වෙනත් පුද්ගලයන් යොදා ගනිමින් ගෙන ගිය ප්රචාර අසාර්ථක වීමෙන් පසුව නාමල් රාජපක්ෂ පෙනී සිටීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.