ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සිරිලිය ගිණුම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ අනුගාමිකයන් විසින් බව අනාවරණය වී තිබේ.
2015 වසරේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ නම් සංවිධානය මඟිනි. එම සංවිධානයේ සභාපති ධුරය පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් දරනු ලැබූ අතර, එහි කැඳවුම්කරු සහ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත්තේ රජිත් කීර්ති තෙන්නකෝන් ය.
රනිල්–මෛත්‍රී පාලන සමයේදී දැඩි දේශපාලන විරසකභාවයක් දැරූ මෙම පිරිස, පසුව පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීම දක්වා පැවති සැබෑ දේශපාලන බැඳීම ප්‍රකට කර ඇති බව ද සඳහන් වේ.