වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් හොඳින් පවත්වාගෙන යාම සඳහා නව කැබ් රථ 9ක් ප්‍රධානය කර තිබේ. රටේ ප්‍රධානතම ප්‍රශ්නයක් වී ඇති අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය.

විශේෂයෙන් වන අලි තර්ජන පවතින ප්‍රදේශවල නිලධාරීන්ට එම ස්ථානවලට කඩිනමින් ළඟා වීමට මීට පෙර වාහන හිඟය දැඩි ගැටලුවක් වී තිබුණි. ඊට විසඳුමක් ලෙස වයඹ වනජීවි කලාපයේ ඒකක 9ක් වෙත මෙම කැබ් රථ ලබාදීම සිදු කෙරිණි.

වයඹ පළාත් සභා පරිශ්‍රයේදී මෙම කැබ් රථ ප්‍රදානය සිදු කළ අතර, එය වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න සහ නාමල් සුදර්ශන යන අයගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.