සමූපකාර තොග වෙළඳ සංස්ථාවට (සතොස) බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනෙකු පසුගිය මාස තුන තුළදී අසාදු ලේඛනගත (Blacklist) කර ඇති බව වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සමහර සැපයුම්කරුවන් අනෙකුත් වෙළඳසල්වලට භාණ්ඩ ලබාදීමෙන් පසුව සතොස වෙත භාණ්ඩ සපයන බව පැවසූ අමාත්‍යවරයා, සතොස භාණ්ඩ මිල ක්‍රමානුකූලව අඩු කිරීමට පියවර ගනිමින් සිටින බව සඳහන් කළේය.

එසේම, සතොස ආයතනය පසුගිය මාස හතර තුළදී ලාභ ලබා ඇති බවත්, එම අලාභ නොලබන තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය 2025 වසරේදී සහජීවන ගිණුමේ තිබූ රුපියල් කෝටි 140කට සිදුවූ දෙයක් නොමැති බවත්, ඒ සමඟ රුපියල් කෝටි 2400ක පාඩුවක් එකතු වී ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් කියා සිටියේය.