මෙරට පොදු ප්රවාහනය උසස් කිරීමට චීනයෙන් මෙට්රෝ බස් 104ක් අගෝස්තුවේදී !
මෙරට පොදු ප්රවාහන සේවය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක මට්ටමකට ගෙන ඒම වෙනුවෙන්, ලබන අගෝස්තු මාසයේදී මෙරටට ගෙන්වීමට නියමිත නව ‘මෙට්රෝ’ බස් රථ 104ක් එවීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. චීනයේ ප්රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන Foton International Corporation වෙතින් මෙම බස් රථ ආනයනය කිරීමට නියමිතයි.
මර්දනය වෙනුවට ජනතාවාදී පනතක්: ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව අධිකරණ අමාත්යවරයා පවසයි
දැනට පවතින ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, ඒ වෙනුවට ජනතාවාදී නව පනතක් ඉදිරිපත් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය හර්ෂණ නානායක්කාර ප්රකාශ කරයි. කිලිනොච්චිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති සිවිල් සංවිධාන සහ මහජන නියෝජිත හමුවකදී අමාත්යවරයා මේ බව සඳහන් කළේය. මෙම නව පනත ඉදිරි මාස දෙක ඇතුළත ඉදිරිපත්
චීන සහාය ඇතිව කෙසෙල් කෙඳි ඇඳුම් කර්මාන්තයක් ආරම්භ වෙයි
ඇඹිලිපිටිය ප්රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න පවසන්නේ චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ සඳහා අවශ්ය ආයෝජකයන් දැනටමත් කැමැත්ත පළ කර ඇති
සිසුන් සඳහා රුපියල් ලක්ෂ 58ක් වටිනා ලැප්ටොප් පරිගණක බෙදාදීමේ වැඩසටහනක්
දිවයින පුරා ප්රාදේශීය ලේකම් කාර්යාල මගින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසක් සඳහා අධ්යාපන උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී සිසුන් 14 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සිදු කළ අතර, ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබෙනවා. එමෙන්ම 2025 සහ 2026
2006 සිට 2022 දක්වා ආයෝජන වියදම්වලින් රුපියල් බිලියන 7,120කට සිදුවූ දෙයක් නෑ !
පසුගිය දශක දෙකක කාලය තුළ ලංකාවේ සිදුව ඇති බරපතල මූල්ය අක්රමිකතා සහ රාජ්ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිල වශයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා. මුදල් අමාත්යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව මගිනුයි මේ බව පෙන්වා දෙන්නේ. මෙහි වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ රජය ලබාගත් ණය සහ එමගින්
අධ්යාපනයේ පරිවර්තනීය වෙනසක් හරහා දරුවන්ගේ සිහින සැබෑ කරන බව අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසයි
භේදයකින් තොරව සෑම දරුවෙකුටම නවීන ලෝකයේ අවස්ථා විවෘත කර දෙමින්, ඔවුන්ගේ අනාගත සිහින කරා විශ්වාසදායී ලෙස ගමන් කිරීමට අවශ්ය පසුබිම නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කය බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළාය. කුරුණෑගල දිස්ත්රික්කයේ අද (18) සිදු කළ අධ්යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර කුරුණෑගල
රත්නපුරය ලෝක මැණික් සිතියමේ කේන්ද්රස්ථානයක් කරමු: “Gem City 2026” ඇරඹෙයි
ශ්රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළේ ප්රමුඛතම මධ්යස්ථානයක් ලෙස තවදුරටත් ස්ථාපිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “Gem City Ratnapura 2026” ජාත්යන්තර ප්රදර්ශනය, එළඹෙන අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති
නායගිය දුම්රිය මග යථා තත්ත්වයට: ජුනි 20 සිට ධාවනය ඇරඹේ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර නායයාමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව නානුඔය ඉහළ දිස්ත්රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක දිසානායක තහවුරු කරයි. මාර්ගයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පැවැත්වූ නිරීක්ෂණ චාරිකාව ද සාර්ථකව නිම කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.
පාසල් නේවාසිකාගාර 126කට අත්යවශ්ය පහසුකම් නංවන්න මිලියන 1,008ක ව්යාපෘතියක් ඇරඹෙයි
දිවයින පුරා පවතින පාසල් නේවාසිකාගාර පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කර සිසුන් උදෙසා ගුණාත්මක ජීවන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1,008ක ආයෝජනයක් සහිත සුවිශේෂී නවීකරණ ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යවරිය ලෙස අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අමාත්ය මණ්ඩලයේ
සෞඛ්ය සහ මාධ්ය ප්රගමනයට කොරියානු රජයේ සහතිකයක්
ශ්රී ලංකාවේ සෞඛ්ය සහ ජනමාධ්ය ක්ෂේත්රයන්හි අනාගත සංවර්ධනය වෙනුවෙන් කොරියානු ජනරජයේ පූර්ණ සහයෝගය සහ අවශ්ය ප්රදානයන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ශ්රී ලංකාවේ කොරියානු තානාපතිනී මියෝන් ලී (Miyon Lee) ප්රකාශ කළාය. තානාපතිනිය මේ බව සඳහන් කළේ ඊයේ (16) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල