ආශු මාරසිංහ එජාපයෙන් දොට්ට !
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ආශු මාරසිංහ මේ වන විට තම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් නිවේදනය කර ඇත. පක්ෂ මූලස්ථානය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, ඔහු එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මූලික සාමාජිකත්වයක් හෝ විධායක මට්ටමේ නිල තනතුරක් මේ වන විට නොදරන බවයි. මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන්
සුරේෂ් සලේ ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් දුන් බවට පැතිරෙන පුවත සහමුලින්ම අසත්යයි !
පාස්කු ප්රහාරයේ ප්රධාන සැකකරුවෙකු වන විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සුදුවත් කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවාදීන් විසින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නාමය අවභාවිත කරමින් අතිශය නින්දිත සහ අසත්ය ප්රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. සුරේෂ් සලේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කුටිය පීඩාකාරී බවට එම කොමිෂන් සභාව
2029 දී කැළණිවැලි දුම්රිය රත්නපුරයට; ව්යාපෘතියට රුපියල් මිලියන 500ක පදනමක්
අඩ සියවසකට අධික කාලයක් අකර්මන්යව පැවති කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ ව්යාපෘතියේ තීරණාත්මක අදියරක් ලෙස, අදාළ භූමියේ පදිංචි ප්රජාව පිළිබඳ සමාජ සමීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර පවසයි. රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ
ජෝන්ස්ටන්ගේ හෝටලයේ වළාන ඒකකයෙන් පැය 4ක සෝදිසියක්
හිටපු අමාත්ය ජෝන්ස්ටන් ප්රනාන්දුට අයත් බව පැවසෙන කොම්පඤ්ඤවීදිය, ලීලි වීදියේ පිහිටි සුපිරි හෝටල් පරිශ්රයක පානදුර වළාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. අදාළ හෝටලය තුළ නීතිවිරෝධී ගිනි අවි සඟවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත මෙම මෙහෙයුම ක්රියාත්මක
කාලගුණ අනාවැකි ලෝකයාට ඉස්සෙල්ලම කියන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් සිටීම රටට මහත් සම්පතක් – නලින්ද ජයතිස්ස.
ඉදිරියේදී ඇති විය හැකි බවට විද්යාත්මකව පුරෝකථනය කර ඇති ‘එල්-නිනෝ’ කාලගුණික බලපෑම පිළිබඳව රජය උපරිම අවධානය යොමු කර ඇති අතර, එමගින් ජන ජීවිතයට එල්ල විය හැකි බාධා අවම කර ගැනීමට අවශ්ය සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවති කැබිනට් තීරණ
බුද්ධි තොරතුරු සලේගේ පෞද්ගලික දේපළක් ? “මිය ගියත් බුද්ධි තොරතුරු දෙන්නේ නෑ” – සලේ ගැන සරත් වීරසේකර කියයි
විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමන් සතු රහසිගත බුද්ධි තොරතුරු කිසිදු පාර්ශ්වයකට ලබා නොදීමේ දැඩි ස්ථාවරයක පසුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර පවසයි. අද (16) පැවැති මාධ්ය හමුවකදී අදහස් දැක්වූ සරත් වීරසේකර සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන සඳහා සුරේෂ් සලේ සතු පරිගණක සහ ජංගම දුරකථන පරීක්ෂා කිරීමට
කටුනායක ගුවන්තොටුපළේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීමට රුපියල් බිලියන 6.7ක දැවැන්ත සංවර්ධන ව්යාපෘතියක්
කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්තයේ පහසුකම් පුළුල් කිරීම, නවීකරණය කිරීම සහ සමස්ත මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් පුළුල් සංවර්ධන ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. සීඝ්රයෙන් වර්ධනය වන ගුවන් මගී සංඛ්යාව සහ කාර්යබහුල කාලසීමාවන්හිදී පර්යන්තය තුළ ඇති වන තදබදය කළමනාකරණය කරමින්, ජාත්යන්තර ගුවන්තොටුපළ ප්රමිතීන්ට අනුකූල උසස් සේවාවක්
පිල්ලෙයාන්ගේ මිනීමරු දේශපාලනය අධිකරණයේ හෙළි වෙයි
නැඟෙනහිර පළාත් හිටපු මහ අමාත්යවරයෙකු මෙන්ම හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු ද වන ශිවනේෂතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදැයි කියන මිනිස් ඝාතන පහක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඊයේ (15) ඉදිරිපත් කළේය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ සාමාජිකයෙකු වන පිල්ලෙයාන් මෙම ඝාතන සිදුවීම්වල තුන්වැනි සැකකරු
සලේට විශේෂ සැලකිලි නෑ: සාමාන්ය සිරකුටියක නීතිය ක්රියාත්මකයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සාර්ථක කර ගැනීමට නම්, හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේ සතු සියලු තොරතුරු අනාවරණය කරමින් ආරක්ෂක අංශ වෙත සහාය ලබා දීම ඔහුට කළ හැකි නිවැරදිම කාර්යය බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් අමාත්යවරයා
පාස්කු විමර්ශන හමුවේ ගෝඨාභය අධිකරණයේ රැකවරණය පතයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් දැනට ක්රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ සනත් විජේවර්ධන මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර