දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසක් සඳහා අධ්‍යාපන උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.


මෙහිදී සිසුන් 14 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම සිදු කළ අතර, ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර තිබෙනවා. එමෙන්ම 2025 සහ 2026 වසරවලදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් 30 දෙනෙකුට අධ්‍යාපන උපකරණ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 98කට අධික මුදලක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.


මෙම අවස්ථාවට ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු නිලධාරීන් මෙන්ම දෙමාපියන් ද එක්ව සිටියා.