නවුෆර් මවුලවිගේ පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට මහාධිකරණය තීන්දු කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව විභාග වන මහ නඩුවේ පළමුවැනි විත්තිකරු වන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් ලබාදුන් එකක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (23) තීන්දු කළේය. සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි හෙවත් අබු සෙයිද් නැමැත්තා 2019
ගෝඨාභය සහ අසාද් මවුලානාගේ ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කරයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පිල්ලෙයාන්ගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අසාද් මවුලානා එකට සිටින ඡායාරූපයක් නීතිපති දෙපාර්තමේන්තුව අද (24) අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කළේය. තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම ඡායාරූපය ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත්,
දයා ගමගේ රැකීමට නීතිය විකෘති කරන, අඥාන නායකයාගේ අඥාන ගෝලයෝ !
මහජන බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන සිය ගණනක ණය මුදල් පැහැර හැරීම හේතුවෙන් දයා සමූහ ව්‍යාපාරයට අයත් ඇප දේපළ වෙන්දේසි කිරීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමත් සමඟ, සමගි ජන බලවේගයේ (සජබ) මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සිදුකළ ප්‍රකාශයක් මෙරට දේශපාලන හා ආර්ථික ක්ෂේත්රයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
ඩෙංගු මර්දනයට ආරක්ෂක හා රාජ්‍ය අංශ ඒකාබද්ධව දැවැන්ත ජාතික මෙහෙයුමක්
නිරිතදිග මෝසම් වැසි සමඟ සීඝ්රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති
මෙරට පෙර පාසල් අධ්‍යාපනය 2027 වන විට ජාතික මට්ටමින් ඒකාබද්ධ කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්ෂේත්රය ප්‍රතිසංවිධානය කරමින්, 2027 වසර වන විට දිවයිනේ සියලුම පළාත් නවයම ආවරණය වන පරිදි ඒකාබද්ධ පෙර පාසල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් ප්‍රකාශ කරයි. මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැඩසටහනක සමාරම්භක අවස්ථාව අමතමින් ඇය
ICCය රජයට තර්ජනය කර නෑ: සාවද්‍ය පුවතට රජයෙන් පිළිතුරු.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ඩේලි මිරර් (Daily Mirror) පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති පුවත සහමුලින්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු එකක් බව රජය නිල වශයෙන් නිවේදනය කරයි. “Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD”
අනාගත පරපුර රකින්න දැඩි තීරණ: අමාත්‍ය නලින්ද ජයතිස්ස
මෙරට පාසල් දරු පරපුරේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සීඝ්රයෙන් වර්ධනය වන බෝ නොවන රෝග අවදානම පාලනය කිරීම අරමුණු කරගනිමින් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. 2026 ජාතික පෝෂණ මාසයට සමගාමීව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම විශේෂ සැමරුම් උළෙල
චීන තානාපති සහ ටිල්වින් සිල්වා අතර විශේෂ හමුවක්
ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර නිල හමුවක් ඊයේ (20) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම පක්ෂ මට්ටමින් පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. එළඹෙන ජූලි මස 01 වන
“සුන්බුන් විපක්ෂයේ” අවසන් හෝරාව – සජබ සහ පොහොට්ටුව ඒකාබද්ධ විපක්ෂයෙන් දුරස් වෙයි
වත්මන් රජය ශක්තිමත් ජනවරමක් සහිතව රට මෙහෙයවද්දී, ඊට මුහුණ දිය නොහැකිව සුණුවිසුණු වී ඇති විපක්ෂය මේ වන විට හාස්‍යජනක “සංදර්ශන” මාලාවක නිරත වෙමින් සිටියි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහභාගීත්වයකින් තොරව අටවා ගැනීමට උත්සාහ කරන “ඒකාබද්ධ විපක්ෂය” මේ වන විට නායකයන් නැති අනාථ
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වෙයි ! නඩුවට මූණදෙන්න ලෝයර්ලා හමුදාවක් !!
දේශපාලනය කලාවක් නම්, එක්සත් ජාතික පක්ෂය අද වන විට රඟ දක්වමින් සිටින්නේ අතිශය හාස්‍යජනක මෙන්ම ඛේදනීය නාට්‍යයකි. කලක් මෙරට දේශපාලනයේ ප්‍රබලම වෘක්ෂය වූ මෙම පක්ෂය, අද වන විට එහි සෙවණැලි පවා එකිනෙකා සමඟ ගැටෙන, දැක්මක් නොමැති අර්බුදයක පතුලටම ඇද වැටී තිබේ. පක්ෂයේ අභ්‍යන්තර බල අරගලය වීදියේ කතාබහක් බවට පත් කරමින්