ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය මත, දෙපාර්ශ්වයේ අරමුණු සහ ස්ථාවරයන් පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වී තිබේ.
ජනාධිපතිවරයා එහිදී ඇත්ත කීවේය. ඔහුට සැඟවීමට කිසිවක් නොවීය. පාස්කු දින නඩුව, බුද්ධි අංශවල අහිතකර මැදිහත්වීම් සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ද රාජ්‍ය නායකයා ලෙස ඔහු අවංකව අදහස් පළ කළේය. ඔහුගේ ශාරීරික භාෂාව ද නිශ්චිත, ස්ථාවර සහ විශ්වාසනීය බවක් පෙන්නුම් කළේය.
අනිත් අතට, නීතීඥ සංගමය දෙස බලමු. ඔවුන්ගේ අරමුණු අතර පරස්පරතා ඇති බව පෙනී යයි. ඔවුන් තර්ක ඉදිරිපත් කළ ආකාරය, සාකච්ඡාවට මුහුණ දුන් ආකාරය පමණක් නොව, ඔවුන්ගේ ශාරීරික භාෂාව සහ සාකච්ඡාවෙන් පසුව ඉදිරිපත් කළ අදහස් දෙස බැලූ විට ද,එම අරමුණු අතර ඇති ගැටුම පැහැදිලිව පෙනේ.
සත්‍යය වෙනුවෙන් පෙනී සිටින අයකුට තම වචන සඟවා ගැනීමට හෝ බැල්ම මගහැරීමට අවශ්‍යතාවක් නැත. එහෙත් අරමුණ තුළ පරස්පරතාවක්, පුද්ගලික වාසියක් හෝ සැඟවුණු න්‍යාය පත්‍රයක් තිබේ නම්, වචනවලට වඩා ශාරීරික භාෂාව බොහෝ දේ කියාපාන අවස්ථා තිබේ.
එසේ නම්, නීතීඥ සංගමයට මේ අලකලංචිය ඇති වූයේ ඇයි? ඇත්ත කීමට බැරි වූවේ ඇයි?
සාලිය පීරිස් වටා ගොඩනැගුණු මේ එකතුව කුමක්ද? නීතීඥ එකමුතුව ශක්තිමත් කිරීමේ නාමයෙන් ඉදිරියට එන මෙම ප්‍රවණතාවයේ සැබෑ අරමුණ කුමක්ද?
සාලිය පීරිස්ගේ අරමුණ, යශන්ත කෝදාගොඩ අගවිනිසුරු ධුරයට ගෙන එමින්, තමන්ගේ සමීප පිරිස පිරිවරාගෙන අධිකරණ බලකොටුවේ නිල නොලත් රජු ලෙස අභිෂේක ලැබීම යැයි පෙනේ.
GL පීරිස් ට දේශපාලන වෛරය පැතිරවීමට අමතරව, තම ඥාති පුත්‍රයා වූ රජීව් අමරසූරියගේ බලපරාක්‍රමය විහිදවීමේ උවමනාවක් ද ඇති බව පෙනේ.
එහෙත්, ඔවුන් හා ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන බහුතර නීතීඥයන් එකට එක් කරන මහා පොදු සාධකය කුමක්ද?
දිගින් දිගටම නඩු කල් යාමෙන් ලැබෙන මූල්‍යමය වාසියයි.
විභාගයක් සමත්වීමෙන් තමන් උපන් සමාජ පන්තියෙන් ඉහළට පැමිණීමට ලැබීම භාග්‍යයක් විය හැකිය. එහෙත් එම අවස්ථාව උපයෝගී කරගනිමින් හිංසනයට ලක්වන ජනතාව මත නඩු කල්යාමේ පීඩනය යොදා, ආර්ථික වාසි ලබා ගැනීමට යටි අරමුණින් කටයුතු කරන අයගේ මුහුණුවල අවංකත්වය පිළිබිඹු නොවන බව පෙනේ.
වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරුණු පරාජිත දෑස් ඉදිරියේ ජනාධිපතිවරයාගේ අවංක මුහුණ දිදුලන්නේ එබැවිනි.
ඔබ අසීමිත දක්ෂයකු විය හැකිය. තර්කනයෙහි විශිෂ්ටයකු විය හැකිය. එහෙත් ඔබ පෙනී සිටින්නේ පුද්ගලික ලාභයක් අපේක්ෂාවෙන්, කූටත්වයෙන්, වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරුණු අරමුණක් වෙනුවෙන් නම්, වාදයේදී ඔබ පරාජය වීම අහම්බයක් නොවේ