ඉරාන් වික්‍රමරත්නගේ නව පත්වීම ගැන සමගි ජන බලවේගයෙන් විරෝධතා
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරයට ඉරාන් වික්‍රමරත්න පත් කිරීමත් සමඟ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතරින් විරෝධතා මතු වී තිබේ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ලිඛිතව දැනුම් දී ඇත්තේ, මෙම තනතුර දරන්නේ නම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන ලෙසයි. මීට අමතරව නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසක් ද මාධ්‍ය ඔස්සේ විවිධ
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් දූෂිත බල කඳවුරු ඉවත් කිරීමේ මෙහෙයුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය විසින් මෙරට තුළ ක්‍රියාත්මක වූ ප්‍රබල ‘පාර රාජ්‍ය’ (Shadow State) ව්‍යුහයන් හතරක් ක්‍රමානුකූලව බිඳ දැමීමට කටයුතු කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීය කිරීමේ පියවරක් ලෙස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත් කිරීම
හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු – මුදල් අමාත්‍යාංශ නිලධාරියා අබිරහස් ලෙස මරුට
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ කුලියාපිටිය පොලිසියට තොරතුරු ලැබී ඇත. ගෙවත්තේ වැටී සිටි සහකාර අධ්‍යක්ෂවරයාව ඔහුගේ
ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ
ඩොලර් මිලියන 2.5ක් ගිලගත් සයිබර් ප්‍රහාරය:සැකකාර නිලධාරීන් 5කගේ ගමන් බලපත්‍ර අත්හිටුවයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පද්ධතියට අනවසරයෙන් පිවිස රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ
විහාර දේවාලගම් පනත සංශෝධනයට අවධානය; සංඝ සමාජය සුරැකීමට ජනපති සහ නාහිමිවරුන් එක්වෙයි
විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට පත්වීමෙන් පසුව මතු වී ඇති තත්ත්වය සහ ඊට අදාළ විමර්ශන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම සිදුවීමත් සමඟ විෂ
සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්
ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් කේබල් කාර් (Cable Car) ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා
අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා ! ‘Rebuilding Sri Lanka’ අරමුදල සුරක්ෂිතයි
‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට ලැබුණු සියලුම මුදල් මහා භාණ්ඩාගාරය තුළ සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අවධාරණය කරයි. අදාළ අරමුදලේ විනිවිදභාවය සම්බන්ධයෙන් සමාජය තුළ සහ ඇතැම් පාර්ශ්ව විසින් මතුකර ඇති අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: භික්ෂූන් 22ක් ඇතුළු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hash) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ තායිලන්තයේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලා 22 නමක් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සටහන් වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර උසස් අධ්‍යාපනය ලබන
ජාත්‍යන්තර “සාම පාගමන” රාජ්‍ය උත්සවය හෙට නිදහස් චතුරස්‍රයේදී
ජාත්‍යන්තර “සාම පාගමන” නිමිත්තෙන් සංවිධානය කර ඇති රාජ්‍ය උත්සවය හෙට (28) පස්වරු 4.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී, ජනාධිපතිවරයා විසින් උතුම් ධාතූන් වහන්සේලා සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුරයක් උන්වහන්සේ වෙත පූජා කිරීමට