“අනාගත පරපුරට දෙන්න ඕනෙ ප්ලාස්ටික් පිරුණු මුහුදක් නෙවෙයි”: ජාත්යන්තර සමුළුවක් අමතමින් අග්රාමාත්යවරිය කළ සංවේදී කතාව!
ඉදිරි 2027 අයවැයෙන් අපද්රව්ය කළමනාකරණය, අපද්රව්ය අවම කිරීම සහ ප්රතිචක්රීකරණය සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කරයි. ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය මඟින් සංවිධානය කරන ලද ‘ප්ලාස්ටික්, නවෝත්පාදනය සහ පරිසර තිරසාරභාවය’ පිළිබඳ 3 වන ජාත්යන්තර සමුළුව අමතමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. මෙම සමුළුව කොළඹ
රේගු ප්රකාශන ඩිජිටල් වෙයි! කඩදාසි ක්රමය අවසන්
ශ්රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව හෙට (01) ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය නිශාන්ත ජයවීර මහතාගේ සහභාගීත්වයෙන් ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. ඒ අනුව සියලු ආනයනකරුවන් සහ ප්රකාශකයින් විසින් සිය රේගු ප්රකාශන (CusDecs) සහ අනෙකුත් අදාළ ලිපිගොනු
ඉන්දීය සංචාරයේ නිරත ජවිපෙ නියෝජිත පිරිස භාරතීය ජනතා පක්ෂයේ ප්රධානීන් හමුවෙයි !
භාරතීය ජනතා පක්ෂයේ (BJP) නිල ආරාධනයකට අනුව මේ වන විට ඉන්දියාවේ අධ්යයන සංචාරයක නිරත වන ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිස සහ භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම් දරන ජාතික මහලේකම් බී.එල්. සන්තෝෂ් (B.L Santhosh) අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් 28 වනදා පැවැත්විණි. මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය,
රුපියල් බිලියන 7.5ක වියදමින් ඇරඹි නවීන මෙට්රො බස් සේවාව: මහනුවර, ගාල්ල සහ යාපනයටත් ළඟදීම!
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ප්රධාන මාර්ග 7ක් ආවරණය වන පරිදි අලුතින් හඳුන්වා දුන් මෙට්රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්රො බස් ඩිපෝ පරිශ්රයේදී සිදු කෙරිණි. නවීන
තෙල් පෝලිම් ඇතිවීමේ කිසිදු අවශ්යතාවක් නෑ: ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියත් රජයෙන් බිලියන 41ක සහනයක්
ලෝක වෙළෙඳපොළේ ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන් හමුවේ ඉදිරි මාස තුන සඳහා රජය මඟින් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට පියවර ගත් බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස ප්රකාශ කරයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්යවරයා සඳහන් කළේ, ඉහළ යන මිල ගණන් පාලනය කරමින් සහන සැලසීම සඳහා මහා
ශ්රව්යාබාධිත ප්රජාව වෙනුවෙන් සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර
ශ්රව්යාබාධිත ප්රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි නව සංඥා භාෂා පනතක් සම්මත කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා ප්රකාශ කරයි. කොළඹදී පැවති ජාත්යන්තර සංඥා භාෂා දින සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ශ්රී ලංකා බිහිරි ජනතාවගේ මධ්යම සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය, පාර්ලිමේන්තු
වැටුප් හා විශ්රාම වැටුප් කොමිසමේ ප්රගතිය ගැන අග්රාමාත්යවරියගෙන් පැහැදිලි කිරීමක්
රාජ්ය සේවකයන්ගේ සහ විශ්රාමිකයන්ගේ වැටුප් විෂමතා නිරාකරණය කරමින් ප්රතිපත්ති තිරසාර ලෙස කළමනාකරණයට පියවර ගනිමින් සිටින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඒ සඳහා පත් කළ වැටුප් හා විශ්රාම වැටුප් කොමිෂන් සභාව වසරක් ඇතුළත සිය නිර්දේශ ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත අතර, 2026 සැප්තැම්බර් 18 දක්වා එම කොමිසමට කිසිදු
“ව්යාජයක් මවාගෙන සිටියහොත් විශ්වාසය බිඳවැටෙනවා”: ජනාධිපති අනුර කුමාර පවසයි
බලයට පත්වීමට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි පිරිසක් වත්මන් පාලන කාලය තුළ විශ්වාසය තබනු ඇති බවත්, එම විශ්වාසය දිනාගත හැක්කේ අවංකභාවය තුළින් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ෆේස්බුක් සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ කිසිදු ව්යාජයක් ආරෝපණය කර නොගෙන, සැබෑ තමන් ලෙස පෙනී සිටිමින් ජනතා විශ්වාසය දිනාගැනීමට කටයුතු කරන
එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය ඇමතීමට විදේශ අමාත්ය විජිත හේරත් අනිද්දා ඇමෙරිකාවට
ලෝක බලවතුන් සහභාගී වන එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසියට ශ්රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්ය විජිත හේරත් අනිද්දා (26) ඇමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. “විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම සහ සියලු දෙනා වෙනුවෙන් ප්රතිඵල ලබාදෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” (Restoring Trust, Managing Transformation: A United Nations That
ජනතා විශ්වාසය කිසිසේත් කඩ කරන්නේ නෑ: ඉදිරි වසර තුනෙත් රට අලුත් මාවතකට – ටිල්වින් සිල්වා
ජාතික ජන බලවේගය ප්රමුඛ ආණ්ඩුවට වසර දෙකක් සපිරෙන මොහොතේ, මෙරට ජනතාව තැබූ අසීමිත විශ්වාසය සහ බලාපොරොත්තු කිසිදු විටෙක කඩ නොකරන බවත්, පැරණි දූෂිත පාලනයෙන් බංකොලොත් වූ රට ගොඩනැඟීමේ අසීරු ගමන සාර්ථකව පෙරට ගෙන යන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. විශේෂ මාධ්ය සංවාදයකට එක්වෙමින් අදහස් දැක්වූ