මෙල්බර්න්හි ධම්ම සරණ විහාරස්ථානයේදී 1994 සහ 2002 අතර කාලයේ බාලවයස්කාර දැරියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි නාවොටුන්නේ විජිත නමැති හිමිනමට වසර 13යි මාස දෙකක සිරදඬුවමක් නියම විය. විනිසුරු පර්දීප් තිවානා නියෝග කළේ පෙරෝල් හිමිවීමට පෙර අවම වශයෙන් වසර 9යි මාස 4ක් සිරගතව සිටිය යුතු බවයි. ශ්‍රී ලංකාවේ උපත ලබා ස්වීඩන් පුරවැසිභාවය හිමි මෙම හිමිනම ළමා ලිංගික අපයෝජන චෝදනා රැසකට වරදකරු වූ අතර සිරදඬුවම අවසානයේ ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමටද නියමිතය.