“මේක ජනතාව වෙනුවෙන් කරන සටනක්” – නුගේගොඩ රැලියට එන්නැයි නාමල්ගෙන් ඇරයුමක්
වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක් දියත් කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි. රට මේ වන විට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී තවදුරටත්
කුමන බාධක ආවත් දිවි පරදුවට තබා සාධාරණ සමාජයක් හදන්න සටන් වදිනවා – ටිල්වින් සිල්වා
“තනතුරු ගන්න, දේපළ ගොඩනඟන අරමුණු අපට නැහැ. අප බලය අරගෙන තිබෙන්නේ ජනතාවට ඉහළින් ඉන්න නොවෙයි, මීට වඩා සැපවත්, ප්‍රීතිමත් ජීවිතයක් සමස්ත ජනතාවට ලබා දෙන්නයි, සමාජවාදී මූලධර්ම මත නිර්මාණය කරන ලස්සන සමාජයක් ගොඩනඟන්න යන මේ ගමන කිසිදු බාධාවකින් නතර කරන්න බැහැ කියන පණිවුඩය අපි ලබා දෙනවා. රෝහණ සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු
අස්වැසුම නොවැම්බර් දීමනාව අද බැංකුවලට
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ, 2025 නොවැම්බර් මාසයට අදාළ දීමනාව අද (13) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඒ අනුව රුපියල් 11,232,408,705ක (රුපියල් එකොළොස් බිලියන දෙසිය තිස් දෙමිලියන හාරසිය අට දහස් හත්සිය පහක) මුදලක් ප්‍රතිලාභී පවුල් 1,415,738ක් වෙත
රටම එකට’ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමට: ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව ඇරඹේ
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සමගාමීව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ මූලික පියවරද මේ වන විට ගනිමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. විෂ මත් උවදුර මැඩලීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව, ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “රටම එකට” ජාතික මෙහෙයුම,
ජලයේ අපද්‍රව්‍ය එකතු කරන 5G රොබෝ යන්ත්‍රයක් ලංකාවට
ජල මූලාශ්‍රවල මතුපිට පාවෙන අපද්‍රව්‍ය ස්වයංක්‍රීයව එකතු කළ හැකි, 5G තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රොබෝ යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ. මෙම නවීන තාක්ෂණික උපාංගය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ සමාරම්භක වැඩසටහන, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැත්වේ. මෙම රොබෝ යන්ත්‍රය, ජල මූලාශ්‍ර
ඉන්දීය ධීවරයින් 14ක් යාත්‍රාව සමග අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ජාතික ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (09) රාත්‍රියේ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත්
විදුලිබල මණ්ඩලයට අයත් LTL සමාගමේ මූල්‍ය අපරාධ රැසක් එළියට
විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් (LTL) සමාගමේ ඇතැම් නිලධාරීන්, මූල්‍ය අපරාධ වසන් කිරීම සඳහා විගණකාධිපතිවරයාට සිය විගණන කටයුතු සිදුකිරීමට ඉඩ ලබා නොදීමේ කූට උපක්‍රමයක් ගෙන ගොස් ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය වී තිබේ. මෙම සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් රජය සතු වුවද, එහි විගණන කටයුතු
වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නව මුහුණුවරක්
අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් මෙම නව පත්වීම් සඳහා වන ලිපි, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) ප්‍රදානය කරන ලදී. මෙම නව පත් කිරීම් අනුව, අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්.
මත් උවදුරට එරෙහි දැවැන්ත මෙහෙයුම: දින 10ක් තුළ සැකකරුවන් 12,000ක් අත්අඩංගුවට
“රටම එකට” ජාතික මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම යටතේ, ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයින් 1,284 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ දිනයේදී වැටලීම් 1000ක් ක්‍රියාත්මක කළ බවත්, එම සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 7කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.7කට අධික ප්‍රමාණයක්
2026 අයවැය: අර්බුදයට පෙර තත්ත්වයට රට ගෙන ආ බව ජනපති කියයි
2026 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, පසුගිය ආර්ථික බංකොලොත්භාවය හේතුවෙන් රටට දශකයක් අහිමි වූවද, 2025 වසර අවසන් වන විට රටේ ආර්ථිකය අර්බුදයට පෙර පැවති තත්ත්වයට ගෙන ඒමට හැකිවී ඇති බව ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. රටේ ආර්ථිකය යළි