ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත්වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා අතර නිල හමුවක් පසුගියදා (04) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

නව ධුරයට පත්ව මෙරටට පැමිණි චීන ආරක්ෂක උපදේශකවරයා පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, ඔහු වෙත සිය සුබපැතුම් පිරිනැමීමට කටයුතු කළේය. මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳව මෙන්ම, කලාපීය වශයෙන් අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත කරුණු රැසක් පිළිබඳව ද සුහද ලෙස අදහස් හුවමාරු කර ගැනුණි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ සම්පත් තුයියකොන්තා, ඉදිරියේදී දෙරටේ ආරක්ෂක අංශ අතර පවතින සබඳතා සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි සිය විශ්වාසය පළ කළේය. මෙම අවස්ථාව සඳහා චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී වූහ.