160 වැනි පොලිස් දින සැමරුම අභිමානවත් අයුරින් පැවැත්වේ: පොලිස් නිලධාරීන්ට නව වරප්රසාද රැසක්
ශ්රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්රමවේදයක් සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. එමෙන්ම, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව
‘Gem City රත්නපුර ජාත්යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්රදර්ශනය 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි
රත්නපුර සිල්වර් රේ හෝටල් පරිශ්රයේදී අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා පැවැත්වුණු ‘Gem City රත්නපුර ජාත්යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්රදර්ශනය 2026’ සාර්ථකව අවසන් වී තිබේ. ප්රදර්ශනයේ අවසන් දිනට එක්වූ කර්මාන්ත නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ සඳහන් කළේ, පෙර වසරට සාපේක්ෂව මෙවර දැක්වූ විශාල සහභාගීත්වය ශ්රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නව
“Dream Destination” යටතේ පොළොන්නරුව දුම්රිය ස්ථානය නවීකරණය කර ජනතාවට පවරයි
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය” (Dream Destination) ජනතා වැඩසටහන යටතේ නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට පවරා දීම අද (3) සිදු කර තිබේ. “ක්ලීන් ශ්රී ලංකා” ලේකම් කාර්යාලය සහ ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ මෙහෙයවීමෙන්, ශ්රී ලංකා දුම්රිය
ආණ්ඩුව වට්ටන්න බලා සිටින අයට ඒක කරන්න බෑ – පාර්ලිමේන්තු මන්ත්රී නිලන්ති කොට්ටහච්චි
වත්මන් ආණ්ඩුව ‘වැටෙන තෙක්’ මාස තුනෙන් තුනට බලා සිටි දේශපාලන පක්ෂ සහ නායකයින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නිලන්ති කොට්ටහච්චි පවසයි. ඔවුන් ආණ්ඩුව වට්ටන තැනට වැඩ කිරීමට උත්සාහ කළ බවත්, බන්ධනාගාරයට ද අත තබා ආණ්ඩුව වැට්ටවීමට උත්සාහ කළත්, එලෙස ආණ්ඩුව වැට්ටවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ඇය ජන හමුවක්
රවීට ඇප ඉල්ලද්දී කියූ අරුම පුදුම ලෙඩ ගොඩ මෙන්න !
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක, කොළඹ අංක 02 අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුසවිතාන විසින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. හිටපු අමාත්ය රවී කරුණානායක මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ, මුදල් අමාත්යාංශයේ
“යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදවා ගැනීම ප්රධාන අභියෝගයක්” – අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගෙන් ප්රකාශයක්!
සමෘද්ධි බැංකු පද්ධතිය මෙරට ශක්තිමත්ම ක්ෂුද්ර මූල්ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, අස්වැසුම ප්රතිලාභීන් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබලගැන්වීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්රධාන වගකීම බවත් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල ප්රකාශ කර තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව තුළ පවතින යැපුම් මානසිකත්වයෙන් ඔවුන්
ඩොලර් බිලියන 10 සීමාව පනිමින් ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රය ලැබූ දැවැන්ත ආදායම් වර්ධනය මෙන්න!
2026 වසරේ පළමු මාස හත තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (Export Development Board – EDB) සභාපති සහ ප්රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ (Mangala Wijesinghe) ප්රකාශ කරයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ (Department of Government Information) පැවති මාධ්ය
භූතානයේ පැවැත්වෙන GCFSS සමුළුවේ ප්රධාන දේශනය පැවැත්වීමට අග්රාමාත්යවරිය දිවයිනෙන් පිටත්වෙයි !
සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළින් භූතානය බලා පිටත්ව ගියාය. සැප්තැම්බර් 1 වැනි දින භූතානයේදී පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වීමට නියමිත අතර, එහිදී “අර්බුදවලට
ශ්රී ලංකා ආර්ථිකය යළිත් 2022ට පෙර පැවති මට්ටමට: නිල දත්ත මගින් ආර්ථික ස්ථාවරත්වය සනාථ වෙයි !
ශ්රී ලංකාවේ ආර්ථිකය මේ වන විට 2022 වසරට පෙර පැවති මට්ටමට ළඟා වී ඇති බව නිල දත්ත මගින් සනාථ වී තිබේ. 2022 වසරේදී ශ්රී ලංකාව බංකොලොත් රාජ්යයක් බවට නිල වශයෙන් ප්රකාශයට පත් කළ ද, ඉතා කෙටි කාලයක් තුළ එවැනි බරපතළ අර්බුදයකින් මිදී වේගයෙන් යථා තත්ත්වයට පත් වූ ලොව එකම රට
“අගවිනිසුරුවරයා ඉලක්ක කරලා කරන මඩ ප්රචාර සම්පූර්ණ බොරු”: ජාතික ජන බලවේගයේ නීතිඥයෝ දැඩි විරෝධය පළකරති!
විනිසුරුවරුන්ට විරුද්ධව ඉදිරිපත් කෙරෙන චෝදනාවන්ට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බැවින්, එම අවස්ථාවෙන් අයුතු ප්රයෝජන ලබාගෙන සිදුකරන දැඩි අපහාසාත්මක ප්රකාශ සම්බන්ධයෙන් දැඩි විරෝධය, කනස්සල්ල සහ අප්රසාදය පළ කරන බව නීතිඥ හේමක සේනානායක ප්රකාශ කරයි. පසුගිය 26 වනදා ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් කොළඹදී පැවැත්වූ මාධ්ය හමුවක් අමතමින් ඔහු