ඉදිරියේදී ඇති විය හැකි බවට විද්‍යාත්මකව පුරෝකථනය කර ඇති ‘එල්-නිනෝ’ කාලගුණික බලපෑම පිළිබඳව රජය උපරිම අවධානය යොමු කර ඇති අතර, එමගින් ජන ජීවිතයට එල්ල විය හැකි බාධා අවම කර ගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, අමාත්‍යාංශ මට්ටමින් ගත යුතු පියවරයන් ද දැනටමත් හඳුනාගෙන ඇති බවයි.
මේ අතර, ‘එල්-නිනෝ’ තත්ත්වය පිළිබඳව ලොවටම ප්‍රථමයෙන් අනාවරණය කළේ තමන් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස උපහාසාත්මක ස්වරූපයෙන් ප්‍රකාශ කළේ, ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් පිළිබඳව සියල්ලටම වඩා කලින් අනාවැකි පළ කළ හැකි මෙවැනි විපක්ෂ නායකවරයෙකු සිටීම රටට මහත් සම්පතක් බවයි.
සජිත් ප්‍රේමදාස සතු මෙම ‘විශේෂ හැකියාව’ සැලකිල්ලට ගනිමින්, ඔහුව විපක්ෂ නායක ධුරයේම රඳවාගෙන ලංකාවට පමණක් නොව ලෝකයේ සෙසු රටවලට ද කාලගුණික අනාවැකි හරහා සහාය වීමට රජය සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවලටත් වඩා වේගයෙන් අනාවැකි පළ කළ හැකි නායකත්වයක් විපක්ෂය තුළ තිබීම තුළින් රජයට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවට ද වැදගත් තොරතුරු ලබාගත හැකි වනු ඇතැයි ඔහු හාස්‍ය මුසු ස්වරයෙන් පෙන්වා දුන්නේය.