2006 සිට 2022 දක්වා ආයෝජන වියදම්වලින් රුපියල් බිලියන 7,120කට සිදුවූ දෙයක් නෑ !
පසුගිය දශක දෙකක කාලය තුළ ලංකාවේ සිදුව ඇති බරපතල මූල්‍ය අක්‍රමිකතා සහ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිල වශයෙන් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාව මගිනුයි මේ බව පෙන්වා දෙන්නේ. මෙහි වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ රජය ලබාගත් ණය සහ එමගින්
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් හරහා දරුවන්ගේ සිහින සැබෑ කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි
භේදයකින් තොරව සෑම දරුවෙකුටම නවීන ලෝකයේ අවස්ථා විවෘත කර දෙමින්, ඔවුන්ගේ අනාගත සිහින කරා විශ්වාසදායී ලෙස ගමන් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද (18) සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර කුරුණෑගල
රත්නපුරය ලෝක මැණික් සිතියමේ කේන්ද්‍රස්ථානයක් කරමු: “Gem City 2026” ඇරඹෙයි
ශ්‍රී ලංකාව ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළේ ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් ස්ථාපිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “Gem City Ratnapura 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනය, එළඹෙන අගෝස්තු 31 සිට සැප්තැම්බර් 02 දක්වා රත්නපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති
නායගිය දුම්රිය මග යථා තත්ත්වයට: ජුනි 20 සිට ධාවනය ඇරඹේ
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන අතර නායයාමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව නානුඔය ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක දිසානායක තහවුරු කරයි. මාර්ගයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පැවැත්වූ නිරීක්ෂණ චාරිකාව ද සාර්ථකව නිම කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාසල් නේවාසිකාගාර 126කට අත්‍යවශ්‍ය පහසුකම් නංවන්න මිලියන 1,008ක ව්‍යාපෘතියක් ඇරඹෙයි
දිවයින පුරා පවතින පාසල් නේවාසිකාගාර පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කර සිසුන් උදෙසා ගුණාත්මක ජීවන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 1,008ක ආයෝජනයක් සහිත සුවිශේෂී නවීකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ
සෞඛ්‍ය සහ මාධ්‍ය ප්‍රගමනයට කොරියානු රජයේ සහතිකයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි අනාගත සංවර්ධනය වෙනුවෙන් කොරියානු ජනරජයේ පූර්ණ සහයෝගය සහ අවශ්‍ය ප්‍රදානයන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියෝන් ලී (Miyon Lee) ප්‍රකාශ කළාය. තානාපතිනිය මේ බව සඳහන් කළේ ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල
ආශු මාරසිංහ එජාපයෙන් දොට්ට !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මේ වන විට තම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් නිවේදනය කර ඇත. පක්ෂ මූලස්ථානය නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, ඔහු එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මූලික සාමාජිකත්වයක් හෝ විධායක මට්ටමේ නිල තනතුරක් මේ වන විට නොදරන බවයි. මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන්
සුරේෂ් සලේ ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් දුන් බවට පැතිරෙන පුවත සහමුලින්ම අසත්‍යයි !
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සුදුවත් කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ හිතවාදීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නාමය අවභාවිත කරමින් අතිශය නින්දිත සහ අසත්‍ය ප්‍රචාරක මෙහෙයුමක් දියත් කර තිබේ. සුරේෂ් සලේ රඳවා සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කුටිය පීඩාකාරී බවට එම කොමිෂන් සභාව
2029 දී කැළණිවැලි දුම්රිය රත්නපුරයට; ව්‍යාපෘතියට රුපියල් මිලියන 500ක පදනමක්
අඩ සියවසකට අධික කාලයක් අකර්මන්‍යව පැවති කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලේ සිට රත්නපුරය දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තීරණාත්මක අදියරක් ලෙස, අදාළ භූමියේ පදිංචි ප්‍රජාව පිළිබඳ සමාජ සමීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ශාන්ත පද්මකුමාර පවසයි. රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
ජෝන්ස්ටන්ගේ හෝටලයේ වළාන ඒකකයෙන් පැය 4ක සෝදිසියක්
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බව පැවසෙන කොම්පඤ්ඤවීදිය, ලීලි වීදියේ පිහිටි සුපිරි හෝටල් පරිශ්‍රයක පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. අදාළ හෝටලය තුළ නීතිවිරෝධී ගිනි අවි සඟවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක