S&P ආයතනයේ 2026 ජූලි නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ස්ථාවර මට්ටමක පවතින බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි. දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද තත්ත්වය මධ්‍යයේ වුවද, හුවමාරු සහ පරිවර්තන (T&C) ශ්‍රේණිගත කිරීම 2022 පැවති ‘CCC’ මට්ටමේ සිට 2026 වන විට ‘B-‘ දක්වා වර්ධනය වී තිබේ. ණය පාරදෘශ්‍යභාවය සහ ආයෝජක සබඳතා ඇගයීමේදී ලකුණු 43.67ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 4 වන ස්ථානයට පත්ව ඇති අතර, 2026 පළමු කාර්තුවේදී 5.1% ක ආර්ථික වර්ධනයක් ද සපුරා ඇත.
ජූලි වන විට වාර්ෂික ආදායම් ඉලක්කවලින් 63.5% ක් සපුරාගෙන තිබුණ ද, අතීත ණය වෙනුවෙන් 2025 දී ගෙවූ රුපියල් බිලියන 2500කට අධික පොලී පිරිවැය සහ බලශක්ති අර්බුදය ප්‍රධාන අභියෝග ලෙස පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.