ලබන වසර මුලදී විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීම, දුම්රිය මාර්ගයන්හි දැනට පවතින පුළුල් පළල (Broad Gauge) වෙනුවට සම්මත පළල (Standerd Gauge) යොදා ගනිමින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට තීරණය කර තිබේ. කොළඹ තදාසන්න ප්‍රදේශය තුළ දුම්රිය සේවාව නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීම සහ
රාජපක්ෂවරුන් ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් රැසකගේ නඩු කරළියට
ඉදිරි සති පහක කාලය තුළ අධිකරණය හමුවේ විභාග වීමට නියමිත දූෂණ චෝදනා සම්බන්ධ නඩු 16ක් හේතුවෙන් මේ වන විට දැඩි දේශපාලන උණුසුමක් මතුව තිබේ. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අය වගඋත්තරකරුවන් වී සිටින නඩුකරවලට අමතරව, රනිල් වික්‍රමසිංහ, විමල් වීරවංශ, ප්‍රියංකර ජයරත්න, රාජිත සේනාරත්න, රවී කරුණානායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු,
ඩොලර් මිලියන 2.5ක් ගිලගත් සයිබර් ප්‍රහාරය:සැකකාර නිලධාරීන් 5කගේ ගමන් බලපත්‍ර අත්හිටුවයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ විද්‍යුත් තැපැල් පද්ධතියට අනවසරයෙන් පිවිස රජයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පොදු දේපළ පනත, පරිගණක අපරාධ පනත සහ
විහාර දේවාලගම් පනත සංශෝධනයට අවධානය; සංඝ සමාජය සුරැකීමට ජනපති සහ නාහිමිවරුන් එක්වෙයි
විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට පත්වීමෙන් පසුව මතු වී ඇති තත්ත්වය සහ ඊට අදාළ විමර්ශන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ හමුවක් අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම සිදුවීමත් සමඟ විෂ
පියාගේ ප්‍රතිපත්ති පුතාට අමතකයි; පෝය දා මැයි රැලියට එජාපය එන්න බෑ කියයි !
සිය පියාගේ ප්‍රතිපත්ති ගැන පුරසාරම් දොඩන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පෝය දිනක මැයි රැලියක් සංවිධානය කිරීමට යාමෙන් එක්සත් ජාතික පක්ෂයේ දැඩි උපහාසයට සහ විවේචනයට ලක්ව තිබේ. සජබ මැයි රැලියට කළ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එජාප මහලේකම් තලතා අතුකෝරළ පෙන්වා දී ඇත්තේ, පෝය දිනවල දේශපාලනය කිරීම නුසුදුසු බවට ප්‍රතිපත්තියක් ගෙන ආවේ සජිත්ගේ
සංචාරක කර්මාන්තය නංවන්න අලුත් ව්‍යාපෘති රැසක්
ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් කේබල් කාර් (Cable Car) ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් අද (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සංචාරක කාර්යසාධන බලකායේ විශේෂ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා
මුදල් ලේකම්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයට අසල්වාසීන්ගෙන් ගොම ප්‍රහාරයක්
මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට පැමිණි නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට එම ප්‍රදේශයේ අසල්වාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. අද (28) මෙම උද්ඝෝෂණය පැවති ස්ථානයට පැමිණි පිරිස ඉලක්ක කර ගනිමින් අසල්වාසීන් විසින් බිත්තර සහ ගොම ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරයත් සමඟ නිවස
අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා ! ‘Rebuilding Sri Lanka’ අරමුදල සුරක්ෂිතයි
‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ (Rebuilding Sri Lanka) අරමුදලට ලැබුණු සියලුම මුදල් මහා භාණ්ඩාගාරය තුළ සම්පූර්ණයෙන්ම සුරක්ෂිතව පවතින බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත අවධාරණය කරයි. අදාළ අරමුදලේ විනිවිදභාවය සම්බන්ධයෙන් සමාජය තුළ සහ ඇතැම් පාර්ශ්ව විසින් මතුකර ඇති අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා
“අනතුරුවලින් 53%කටම හේතුව රියදුරු විනය නැතිකම” – 2029 ඉලක්ක කරගත් නව ප්‍රවාහන නීති ඇමති බිමල් හෙළි කරයි
මෙරට මාර්ග පද්ධතිය තුළ මගී ආරක්ෂාව තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි තීන්දු තීරණ කිහිපයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඒ අනුව, මින් ඉදිරියට මගී ආරක්ෂාවට මුල්තැන දෙන බස් රථ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බවත්, මෙතෙක් භාවිත වූ
කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම: භික්ෂූන් 22ක් ඇතුළු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට
රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hash) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ තායිලන්තයේ සිට පැමිණි භික්ෂූන් වහන්සේලා 22 නමක් කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සටහන් වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර උසස් අධ්‍යාපනය ලබන