කාල් මාක්ස්ගේ 208 වැනි ජන්ම දිනය සැමරීමට ඔබටත් ආරාධනා !
ලෝකප්‍රකට දාර්ශනිකයෙකු මෙන්ම විප්ලවීය චින්තකයෙකු වූ කාල් මාක්ස්ගේ 208 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් සංවිධානය කරනු ලබන විශේෂ උපහාර සහ සමරු උත්සවය මැයි මස 05 වන දින (හෙට) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සැමරුම් උත්සවය හෙට පස්වරු 03.00 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ආරම්භ වීමට නියමිතය. ‘මාක්ස්වාදී
කටකතා වලට රැවටෙන්න එපා ! වැට් බදු සංශෝධනය හරහා බදු වැඩිවීමක් වෙන්නේ නෑ !
එළැඹෙන ජූලි මස 01 වැනිදා සිට එකතු කළ අගය මත පදනම් වූ බදු (VAT) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත් මගින් වැට් බද්ද 20.5% දක්වා වැඩි කර ඇති බවට
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිගෙන් රාගම රෝහලට විශේෂ නිරීක්ෂණ චාරිකාවක්
රාගම ශික්ෂණ රෝහලේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව, එහි පවතින ගැටලු රැසකට විසඳුම් ලබා දීමට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය හංසක විජේමුණි ඇතුළු පිරිස පියවර ගෙන තිබේ. රෝහලේ වත්මන් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු රෝගී සත්කාරක සේවා විධිමත් කිරීමේ අරමුණින් මෙම තීරණ ගනු ලැබීය. මෙම විශේෂ කළමනාකරණ කමිටු රැස්වීම සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති වෛද්‍ය
ශ්‍රී ලංකා – මාලදිවයින් සබඳතා ශක්තිමත් කරමින් අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තබයි
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවැති රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව, දෙරට අතර සහයෝගීතාව තහවුරු කෙරෙන වැදගත් අවබෝධතා ගිවිසුම් හතකට (07) අත්සන් තැබිණි. දෙරටේ නායකයින් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවන්ට එළඹුණු අතර, ඒ අනුව ප්‍රධාන ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය
දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීමට මාලදිවයින් ජනාධිපති සහ අනුර කුමාර දිසානායක අතර තීරණාත්මක සාකච්ඡා
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට උත්කර්ෂවත් අයුරින් ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී, දෙරටේ නායකයින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ පක්ෂ සංවිධායකයෙකු බීමත්ව කළ මාරක රිය අනතුරේ තොරතුරු වසං කිරීමට දැඩි උත්සාහයක්…?
පසුගිය මැයි 01 වනදා කොළඹ පැවති මැයි දින රැලියට සහභාගී වී ආපසු යමින් සිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර නායකත්වය දෙන ‘සර්වජන බලය’ පක්ෂයේ සංවිධායකවරයෙකු සිදුකළ මාරක රිය අනතුරකින් තරුණ යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අනතුර සිදුකර ඇත්තේ අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී ඇති සුසන්ත හේරත් නැමැති
ජාතික ජන බලවේග රජය ජනතාවගේ ශක්තියෙන් ආරක්ෂා වන යෝධ බලයක් – ජනාධිපති
“ජන රජයට – ජන බලයක්” තේමාවෙන් නුවරඑළියේ පැවැති මැයි රැලිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා අවධාරණය කළේ, වත්මන් රජය සහ රටේ ජනතාව අතර පවතින බැඳීම කිසිදු බලවේගයකට අස්ථාවර කළ නොහැකි බවයි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, පසුගිය ආණ්ඩු මෙන් නොව තමන් පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වැඩකරන ජනතාවගේ අනාගතය වෙනුවෙන් තීන්දු
ඉරාන් වික්‍රමරත්නගේ නව පත්වීම ගැන සමගි ජන බලවේගයෙන් විරෝධතා
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටුවේ සභාපති ධුරයට ඉරාන් වික්‍රමරත්න පත් කිරීමත් සමඟ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතරින් විරෝධතා මතු වී තිබේ. පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ලිඛිතව දැනුම් දී ඇත්තේ, මෙම තනතුර දරන්නේ නම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන ලෙසයි. මීට අමතරව නිරෝෂන් පාදුක්ක ඇතුළු පිරිසක් ද මාධ්‍ය ඔස්සේ විවිධ
නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් දූෂිත බල කඳවුරු ඉවත් කිරීමේ මෙහෙයුමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය විසින් මෙරට තුළ ක්‍රියාත්මක වූ ප්‍රබල ‘පාර රාජ්‍ය’ (Shadow State) ව්‍යුහයන් හතරක් ක්‍රමානුකූලව බිඳ දැමීමට කටයුතු කර ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීය කිරීමේ පියවරක් ලෙස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරෙන් ඉවත් කිරීම
හැකර්වරුන් විසින් එවන ලද පළමු ඊමේල් පණිවුඩයට ප්‍රතිචාර දක්වා ඇත්තේද මොහු – මුදල් අමාත්‍යාංශ නිලධාරියා අබිරහස් ලෙස මරුට
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබේ. මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් අද (30) පස්වරුවේ කුලියාපිටිය පොලිසියට තොරතුරු ලැබී ඇත. ගෙවත්තේ වැටී සිටි සහකාර අධ්‍යක්ෂවරයාව ඔහුගේ