කළු ජූලිය ගැන සොයන්න ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් 51කින් යෝජනාවක්!
1983 කළු ජූලි ඛේදවාචකය සිදුවීමට බලපෑ කරුණු සහ එහි සමස්ත බලපෑම පිළිබඳව පූර්ණ අධ්යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් 51 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. 1983 වසරේදී
අල්ලස් ගත් 226ක් අත්අඩංගුවට: හිටපු ඇමතිවරුන් 16ක් වරදකරුවන් වූ බවට හෙළිදරව්වක්
වත්මන් ආණ්ඩුව බලයට පත්ව නීතිය ක්රියාවට නැංවීමෙන් පසුව, 2024 වසරේ සිට මේ දක්වා අල්ලස් ගත් පුද්ගලයන් 226 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඉන් 55 දෙනෙකුම දේශපාලනඥයන් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය නීතිඥ සුනිල් වටගල පැවසීය. දූෂණ විරෝධී පනත පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, 2023 වසරේදී සම්මත
කබරයා තලගොයා කරන තලතා
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල ඊයේ (08) පැවති මාධ්ය හමුවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති ශානි අබේසේකරට එරෙහිව ප්රහාර එල්ල කර තිබේ. මාධ්ය හමුවක් පවත්වමින් ඇය ද්වේශය සහ වෛරය පැතිරවීමේ ප්රකාශ ගණනාවක් සිදු කර ඇති බවට සඳහන් වේ. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය
දැරියන් අපයෝජනය කළ මෙල්බර්න්හි හිමිනමකට වසර 13ක සිරදඬුවමක්
මෙල්බර්න්හි ධම්ම සරණ විහාරස්ථානයේදී 1994 සහ 2002 අතර කාලයේ බාලවයස්කාර දැරියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් 71 හැවිරිදි නාවොටුන්නේ විජිත නමැති හිමිනමට වසර 13යි මාස දෙකක සිරදඬුවමක් නියම විය. විනිසුරු පර්දීප් තිවානා නියෝග කළේ පෙරෝල් හිමිවීමට පෙර අවම වශයෙන් වසර 9යි මාස 4ක් සිරගතව සිටිය යුතු බවයි. ශ්රී ලංකාවේ
සිරිලිය ගිණුමේ නඩුව පිටුපස රනිල්ගේ අනුගාමිකයන් සිටි බවට අනාවරණයක්
ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සිරිලිය ගිණුම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇත්තේ රනිල් වික්රමසිංහගේ අනුගාමිකයන් විසින් බව අනාවරණය වී තිබේ. 2015 වසරේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ නම් සංවිධානය මඟිනි. එම සංවිධානයේ සභාපති ධුරය පූජ්ය උලපනේ සුමංගල හිමියන් විසින් දරනු
“තනි පුද්ගලයින් වෙනුවෙන් නියෝග දෙන්න මම ලෑස්ති නෑ”: ජනාධිපතිගෙන් ප්රකාශයක්
රටේ නීති පවතිද්දී තනි තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග ලබා දීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ත්රෛනිකායික මහා සංඝරත්නය හමුවේ අද (8) ප්රකාශ කළේය. නීතිය වර්තමානයට උචිත නොවේ නම් කළ යුත්තේ නිසි පරිදි නීතිය සම්පාදනය කර ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, භික්ෂූන් වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය
දිට්වා ආපදාවෙන් විපතට පත්වූ පවුල් සඳහා කන්දකැටියේ නව නිවාස ඉදිකිරීම ඇරඹෙයි
දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ අධි අවදානම් තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් සඳහා නව නිවාස ඉදිකර ගැනීමට එක් පවුලකට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමේ වැඩසටහන යටතේ නව නිවාස ව්යාපෘතියකට මුල්ගල් තැබීම ඊයේ (7) සිදු කෙරිණි. වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්නගේ ප්රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ විය.
ඉතිහාසයේ පළමු වතාවට ලිතුවේනියානු ඉහළ පෙළේ දූත පිරිසක් මෙරටට
ශ්රී ලංකාව සහ ලිතුවේනියාව අතර රාජ්යතාන්ත්රික සබඳතාවලට වසර 30ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ලිතුවේනියාවේ විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය විඩ්මන්තස් වර්බිකාස් ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර කළ ආරාධනයකට අනුව ඔක්තෝබර් 4 සිට 6 දක්වා මෙම
අධ්යාපන සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පත වසරක් තුළ අවසන් කරනවා: අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය
මෙරට අධ්යාපන ක්ෂේත්රයේ ප්රමිතිකරණය, වෘත්තීය සංවර්ධනය සහ ගුරු වෘත්තියේ අභිමානය තහවුරු කිරීමේ අරමුණින් “අධ්යාපන සභාව” පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු වසරක කාලයක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්රී පද්මසිරි බණ්ඩාර විසින් යොමු කරන ලද ප්රශ්නයකට පිළිතුරු දෙමින් අග්රාමාත්යවරිය අද (07)
සතොසට බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනෙකු අසාදු ලේඛනගත කෙරේ: අමාත්ය වසන්ත සමරසිංහ
සමූපකාර තොග වෙළඳ සංස්ථාවට (සතොස) බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනෙකු පසුගිය මාස තුන තුළදී අසාදු ලේඛනගත (Blacklist) කර ඇති බව වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. සමහර සැපයුම්කරුවන් අනෙකුත් වෙළඳසල්වලට භාණ්ඩ ලබාදීමෙන් පසුව සතොස වෙත භාණ්ඩ සපයන බව පැවසූ අමාත්යවරයා, සතොස