අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පවත්වන ලද “රටම එකට” සර්ව ආගමික සමුළුවට සහභාගී වූ මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් බලංගොඩ කස්සප නමැති භික්ෂු වේෂධාරියා සිය මුහුණුපොත හරහා තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

තමන් රාජපක්ෂ නිකායේ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන භික්ෂූන් පිරිසට අයත් වන මෙම භික්ෂුව, අරලියගහ මන්දිරයේ පැවති සර්ව ආගමික සමුළුවට සහභාගී වූ භික්ෂූන් වහන්සේලාට ප්‍රබල තර්ජන එල්ල කරමින් සිය මුහුණුපොතෙහි සටහනක් තබා ඇත.

“අද දින අරලියගහ මන්දිරයට වඩින දේශද්‍රෝහී භික්ෂූන්වහන්සේලා ගැන අපි දැඩි අවධානයෙන් ඉන්නේ” යනුවෙන් එහි සඳහන් කර ඇති ඔහු, එයින් නොනැවතී අනාගතයේදී එම භික්ෂූන් වහන්සේලා උපවැදි කරන බවට ද තර්ජනය කර තිබේ.

මහනුවර සිට පැමිණි පාගමන අසාර්ථක වීමෙන් අනතුරුව විහාරමහාදේවී උද්‍යානයේදී වස් කවි කියූ මෙම පිරිස, ඉන් පසුව මෙලෙස තර්ජනය කිරීම දක්වා පසුබැසීමෙන් ඔවුන් පත්ව සිටින ඛේදනීය තත්ත්වය තහවුරු වන බව සඳහන් වේ.