ළමයින් සම්බන්ධ මාධ්‍ය වාර්තාකරණයේදී ළමා ආරක්ෂාව සුරැකීම සඳහා සකස් කළ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වාදීම අද (09) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදුකෙරිණි. විද්වතුන් 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් හරහා වසර 14ක උත්සාහයකින් මෙය සම්පාදනය කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්යක්ෂ ශානිකා මලල්ගොඩ පැවසුවාය.
වසරකට ළමා අපයෝජන පැමිණිලි 10,000කට වඩා වාර්තා වීම සහ සයිබර් අවකාශය ඇතුළු නව අභියෝග සැලකිල්ලට ගනිමින්, සදාචාරාත්මක මූලධර්ම, අපරාධ වාර්තාකරණය, සියදිවි නසාගැනීම් සහ වැඩසටහන් සඳහා ළමුන් යොදාගැනීම යන ප්‍රධාන අංශ 4ක් යටතේ මෙම මාර්ගෝපදේශ සකස් කර ඇත.