එල්-නිනෝ කාලගුණික අවදානම හමුවේ ජන ජීවිතය සුරැකීමට ජනාධිපතිවරයාගෙන් කඩිනම් ක්රියාමාර්ග
ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ (El-Niño) කාලගුණික තත්ත්වය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව, පානීය ජල සැපයුම සහ බලශක්ති ක්ෂේත්රයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය ඇතුළු අදාළ සියලු
ශෂී වීරවංශගේ අභියාචනය ප්රතික්ෂේප වෙයි: වසර දෙකක සිරදඬුවම ස්ථීර කරමින් මහාධිකරණයෙන් තීන්දුවක්
අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු අමාත්ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට මීට පෙර කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම එලෙසම ක්රියාත්මක වනු
පාස්කු ප්රහාරයේ සැබෑ කුමන්ත්රණකරුවකු ලෙස සුරේෂ් සලෙයි ක්රියා කළ බවට සාක්ෂි තිබෙනවා – අමාත්ය ආනන්ද විජේපාල
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී, විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි සක්රීයව කුමන්ත්රණය කර ඇති බව ඔප්පු කිරීමට ප්රමාණවත් සාක්ෂි එකතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තුව අමතමින් අමාත්යවරයා කියා සිටියේ, සැලසුම් කර තිබූ ත්රස්ත ප්රහාර මෙන්ම ඊට අදාළ
මහජන විරෝධය උග්ර වෙද්දී විමල් වීරවංශ සත්යග්රහය අත්හිටුවයි
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි ප්රධානී විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්යග්රහය අත්හිටුවීමට හිටපු අමාත්ය විමල් වීරවංශ ඇතුළු පිරිස තීරණය කර තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කර තිබූ මෙම විරෝධතාව අත්හිටුවීමට මූලිකම හේතුව වී
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට විදෙස් ගමන් තහනමක්!
හිටපු අමාත්ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශට විදේශගත වීම වළක්වාලමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (10) තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 09කට අධික මූල්ය පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව
පොලීසිය විවේචනය කළැයි ළමාරක්ෂක අධිකාරියට මන්ත්රිනී ලක්මාලි හේමචන්ද්රගෙන් දෝෂදර්ශනයක් ; වරප්රසාද කමිටුව හමුවට කැඳවන්නත් සූදානම් !
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි බාලවයස්කාර අපයෝජන නඩුවේදී පොලීසිය ක්රියා කළ ආකාරය විවේචනය කළ ජාතික ළමාරක්ෂක අධිකාරියේ ක්රියාකලාපය, පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේදී දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව බීබීසී සිංහල සේවය වාර්තා කරයි. කාන්තා හා ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ්ගේ ප්රධානත්වයෙන් ජූනි 5 වැනිදා පැවැති මෙම රැස්වීමේදී, ජාතික ජන
සහරාන් හෂීම් ඇතුළු පිරිසට පඩි ගෙව්වේ ගෝඨාභයගේ අනුදැනුම මතයි – සරත් ෆොන්සේකා
පාස්කු ඉරුදින ම්ලේච්ඡ ත්රස්ත ප්රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනකට වැටුප් ගෙවන ලද්දේ හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ විසින් බවත්, ඔහු ඒ සියල්ල සිදු කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අනුදැනුම සහ අවසරය මත බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි. පෙරේදා (08) කොළඹදී පැවැති මාධ්ය හමුවකට
මූල්ය අපරාධ කල්ලි රටේ ඩොලර් සංචිත කොල්ලකෑ අයුරු අමාත්ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී හෙළි කරයි
සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සහ මූල්ය අපරාධකරුවන් එක්ව අවස්ථා 27,000කදී සිදුකරන ලද මහා පරිමාණ මූල්ය ජාවාරම් පිළිබඳ තොරතුරු රැසක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල අද (09) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ශ්රී ලංකා රේගුව සහ ශ්රී ලංකා පොලිසියේ මූල්ය අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව සිදුකරන ලද දීර්ඝ විමර්ශන මාලාවකින් මෙම තොරතුරු
ගෝඨාභයගේ පාස්පෝට් තහනම නිසා කලබල වූ පිරිසකගෙන් විමර්ශන නිලධාරීන්ට මඩ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පැනවීමත් සමඟ දැඩි කලබලයට පත් වූ පිරිසක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඉලක්ක කර ගනිමින් සංවිධානාත්මක මඩ ප්රහාරයක් දියත් කර තිබේ. හිටපු මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර විසින් සිදු කරන
ලාංකික ශ්රමිකයන්ට ජපානයේ නව රැකියා අවස්ථා විවර කරමින් සහයෝගිතා ගිවිසුමකට එළඹෙයි
ජපානයේ රැකියා ක්ෂේත්රය තුළ ශ්රී ලාංකිකයන්ට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දෙරට අතර නව සහයෝගිතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ජපානයේ පවතින අඩු ජනගහන වර්ධනය සහ ශීඝ්රයෙන් වියපත් වන ප්රජාව හේතුවෙන් එරට දේශපාලන හා