සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඒ, රක්ෂිත බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අතර දුරකථන ඇමතුම් 53ක් හුවමාරු වීමේ සිදුවීමකට අදාළවය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අදාළ සිරකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයාගෙන ඇති අතර, එහිදී ක්‍රියාත්මක වන විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

(LankaTruth)