එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට ‘පාර අවහිර කිරීමේ’ විමල් වීරවංශගේ නඩුව සැප්තැම්බර් 21 දක්වා කල් යයි
2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර වන අයුරින් උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන සැප්තැම්බර් 21 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග
බුද්ධිමය දේපළ නඩුවෙන් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක හානි පූරණයක් ගෙවීමට විමල් වීරවංශට අවසන් නියෝගයක්
“නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් මුද්‍රණය කර බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කළ බවට ගොනු කළ නඩුවකට අදාළව, රුපියල් මිලියනයක හානි පූරණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ. ඒ අනුව, අදාළ නඩුවේ විත්තිකරු වූ විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප
ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි: වසර දෙකක සිරදඬුවම ස්ථීර කරමින් මහාධිකරණයෙන් තීන්දුවක්
අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර දෙකක සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද අභියාචනය කොළඹ මහාධිකරණය අද (11) ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම එලෙසම ක්‍රියාත්මක වනු
මහජන විරෝධය උග්‍ර වෙද්දී විමල් වීරවංශ සත්‍යග්‍රහය අත්හිටුවයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය අත්හිටුවීමට හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස තීරණය කර තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත් කර තිබූ මෙම විරෝධතාව අත්හිටුවීමට මූලිකම හේතුව වී
විමල්ගේ සොහොයුරු සරත් වීරවංශට විදෙස් ගමන් තහනමක්!
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශට විදේශගත වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 09කට අධික මූල්‍ය පාඩුවක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුව
විමල්ගේ මිලියන 75ක නඩුවට සාක්ෂි කැඳවද්දී, රාජ්‍ය දේපළ වංචාවට ලේකම් අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පවරා ඇති රුපියල් මිලියන 75ක අයතා වත්කම් නඩුව අධිකරණය හමුවේ විභාග වන අතරතුර, ඔහුගේ සමීපතම නිලධාරියෙකු වූ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය. විමල් වීරවංශ 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ
රජයේ වාහන අවභාවිත කර ලක්ෂ 17ක පාඩුවක් කළ විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
රාජපක්ෂ පාලන සමයේදී ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම් ලෙස සේවය කළ ප්‍රසාද් මංජු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කළේය. සැකකරුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව
විමල්ගේ “කට” නිසා සලේ කොටුවෙයි – ගම්මන්පිලගේ ත්‍රස්තවාදීන් බේරාගැනීමේ තර්ක කුඩු!
ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සාමාජිකයන් විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් භාවිතා කරන බවට විමල් වීරවංශ විසින් රූපවාහිනී සජීවී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයත් සමඟ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේගේ ප්‍රධානතම නෛතික ආරක්ෂාව බිඳ වැටී තිබේ. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වීරවංශ විසින් සෘජුවම සලේ පාවා දීමක්
විමල් වීරවංශ අත්අඩංගුවට !!
බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අසල පැවැති රණවිරු සැමරුම් පෙරහුරු කටයුතුවලට බාධා කිරීම සහ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ කටයුතුවලට අකුල් හෙලීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසියට පැමිණි අවස්ථාවේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තමන් අත්අඩංගුවට ගත්
වීඩියෝ වලට පොර ගිය විමල් වීරවංශ රණවිරු ස්මාරකය අසල බිම ඇද වැටී චොර වෙයි !!
අද (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස පැවැත්වෙන නිල සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. තමන් තවමත් රජයේ ඉහළ වරප්‍රසාද ලබන ඇමතිවරයෙකු යැයි සිතා නීතියට අභියෝග කිරීමට