“නැත්ත වෙනුවට ඇත්ත” නමින් පොතක් මුද්‍රණය කර බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කළ බවට ගොනු කළ නඩුවකට අදාළව, රුපියල් මිලියනයක හානි පූරණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබේ.
ඒ අනුව, අදාළ නඩුවේ විත්තිකරු වූ විමල් වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින්, කොළඹ වාණිජ මහාධිකරණය ලබා දුන් තීන්දුව තවදුරටත් බලපැවැත්වෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මෙම නඩුව ගොනු කර තිබුණේ, “නැත්ත වෙනුවට ඇත්ත” නමින් ප්‍රකාශයට පත් කළ පොත මඟින් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇති බව පෙන්වා දෙමින් ටිල්වින් සිල්වා විසිනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමඟ, විත්තිකාර විමල් වීරවංශ විසින් ටිල්වින් සිල්වාට රුපියල් මිලියනයක හානි පූරණයක් ගෙවීමේ නියෝගය අවසන් වශයෙන් බලපැවැත්වෙනු ඇත.