අද (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස පැවැත්වෙන නිල සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු පිරිසක් පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබේ. තමන් තවමත් රජයේ ඉහළ වරප්‍රසාද ලබන ඇමතිවරයෙකු යැයි සිතා නීතියට අභියෝග කිරීමට ගිය විමල් වීරවංශ, එහිදී පොලිස් නිලධාරීන් තල්ලු කරගෙන යාමට උත්සාහ කිරීමේදී පය පැකිලී බිම ඇද වැටුණු බව ද වාර්තා වේ.
විමල් වීරවංශ මෙම ස්ථානයට පැමිණ තිබුණේ මල් කළඹක් ද රැගෙන, විශේෂිත කැමරා කණ්ඩායමක් ද පිරිවරාගෙනයි. ඔහුගේ සැබෑ අරමුණ වී තිබුණේ රණවිරු සැමරුමකට වඩා, රණවිරුවන් ඉස්සරහට දමාගෙන වත්මන් රජයට එරෙහිව මාධ්‍ය සංදර්ශනයක් පවත්වා පුවත් සිරස්තල මවා ගැනීම බව එහි සිටි පිරිසට පැහැදිලිවම පෙනී ගොස් තිබුණි.
ස්මාරකය පිහිටි භූමිය තුළ ජාතික මට්ටමේ පෙරහුරු කටයුතු සිදු වන බැවින් පිටස්තර පුද්ගලයන්ට ඇතුළු වීමට අවසර දිය නොහැකි බව එහි සිටි නිලධාරීන් දිගින් දිගටම දැනුම් දුන්න ද, තමන් සාමාන්‍ය පුරවැසියෙකුට වඩා ඉහළ අයෙකු බව පෙන්වීමට උත්සාහ කළ විමල් වීරවංශ නීතියට අවනත වීමට මැලි විය. “කොටින්ටද එහෙනම් ඉඩ දෙන්නේ?” යනුවෙන් අශිෂ්ට ලෙස පොලිස් නිලධාරීන්ට බැණ වදිමින් ඔහු බලහත්කාරයෙන් ඇතුළට පැනීමට උත්සාහ කළේය. එහිදී සිදු වූ පොරබැදීමේදී ඔහු පය පැකිලී බිම වැටුණු අතර, ඔහු සමඟ පැමිණි පිරිස අතරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය කටයුතු කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කර සිටින්නේ, රාජකාරියට බාධා කරමින් සහ ජාතික උත්සවයක පෙරහුරු කටයුතුවලට අන්තරායක් වන අයුරින් ක්‍රියා කළ විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. දේශපාලනය කළ පමණින් හෝ මීට පෙර ඇමති ධුර දැරූ පමණින් කිසිදු පුද්ගලයෙකු රටේ සාමාන්‍ය නීතියට ඉහළින් නොමැති බවත්, නීතියට අවනත වීම ඕනෑම පුරවැසියෙකුගේ වගකීමක් බවත් මෙම සිදුවීම හරහා යළිත් තහවුරු වී තිබේ.
මේ අතර මෙම විමල්ගේ සංදර්ශනය පිළිබදව සමජ මාධ්‍යයේ හාසයාත්මක වීඩියෝ ප්‍රචාරණය වන්නේ මෙලෙසිනි,