මත්ද්රව්ය උවදුරෙන් දරුවන් රැකගැනීමට නීතියට වඩා දෙමාපිය සබඳතාව වැදගත් බව ජනාධිපති පවසයි
මත්ද්රව්ය ව්යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා දෙමාපියන් සහ දූදරුවන් අතර පවතින ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කරයි. විෂ මත්ද්රව්ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා පිහිටුවන ලද ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී
රුපියල් බිලියන 7.5ක වියදමින් ඇරඹි නවීන මෙට්රො බස් සේවාව: මහනුවර, ගාල්ල සහ යාපනයටත් ළඟදීම!
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ප්රධාන මාර්ග 7ක් ආවරණය වන පරිදි අලුතින් හඳුන්වා දුන් මෙට්රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (29) පෙරවරුවේ තලංගම මෙට්රො බස් ඩිපෝ පරිශ්රයේදී සිදු කෙරිණි. නවීන
“ව්යාජයක් මවාගෙන සිටියහොත් විශ්වාසය බිඳවැටෙනවා”: ජනාධිපති අනුර කුමාර පවසයි
බලයට පත්වීමට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි පිරිසක් වත්මන් පාලන කාලය තුළ විශ්වාසය තබනු ඇති බවත්, එම විශ්වාසය දිනාගත හැක්කේ අවංකභාවය තුළින් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ෆේස්බුක් සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ කිසිදු ව්යාජයක් ආරෝපණය කර නොගෙන, සැබෑ තමන් ලෙස පෙනී සිටිමින් ජනතා විශ්වාසය දිනාගැනීමට කටයුතු කරන
අද තමයි දවස
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙනුවෙන් මෙරට ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් වැඩි ඡන්ද ලක්ෂ 13කට ආසන්න ප්රමාණයක් ලබා දුන් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා ය. එතැන් සිට ගෙවී ගිය දෙවසර තුළ ආණ්ඩුවට එරෙහි යම් පමණක උද්ඝෝෂණ පවත්වන ලද නමුත් එක් කඳුළු ගැස් හෝ ජල ප්රහාරයක් ජනතාව වෙත එල්ල නොකරන ලද අතර,
දඹුල්ලේ පාවෙන සූර්ය බලාගාරය ජනපති අනුරගේ ප්රධානත්වයෙන් විවෘත කෙරේ
පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (18) පස්වරුවේ සිදු විය. අක්කර 10.5ක භූමි භාගයක ඉදිකර ඇති මෙම සූර්ය
දරුවන්ගේ ආරක්ෂාවට රජයෙන් ලොකු පියවරක්! නිවසක් හදන්න රු. මිලියන 2ක්
දරුවන් යනු ජාතියේ නිධානය බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වගකිව යුතු රජයක ප්රමුඛ වගකීමක් බවත්, එම වගකීම රජය අනිවාර්යයෙන්ම ඉටු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය මඟින් ක්රියාත්මක කරනු ලබන ‘දිවියට සවියක්’ නිවාස වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා
ශ්රී ලංකාවේ ආර්ථික ප්රගතිය සහ මූල්ය විනය IMF මෙහෙයුම් ප්රධානියාගේ ඇගයීමට
ශ්රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන අතර, එම ස්ථාවරත්වය පදනම් කරගනිමින් රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. එමෙන්ම, රට අත්පත් කරගෙන තිබෙන ආර්ථික ජයග්රහණ ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කිරීමට
67 වැනි රාජ්ය සාහිත්ය සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන්
ශ්රී ලංකේය සාහිත්ය ක්ෂේත්රය ස්වකීය විශිෂ්ට සාහිත්ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්ය සාහිත්ය සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද දින පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්ය සාහිත්ය අනුමණ්ඩලය එක්ව
160 වැනි පොලිස් දින සැමරුම අභිමානවත් අයුරින් පැවැත්වේ: පොලිස් නිලධාරීන්ට නව වරප්රසාද රැසක්
ශ්රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් නිසි උසස්වීම් ක්රමවේදයක් සකස් කරන බවත්, ලබන වසරේ මැද පමණ වන විට අලුත් නිල ඇඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. එමෙන්ම, පොලීසියේ සියලු නිලධාරීන්ට අවදානම් දීමනාවක් ලබා දීමට මෙන්ම අවශ්ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව
මධ්යම කඳුකරය ආරක්ෂා කරන්න නව පනතක්! වසර අවසානයේ පාර්ලිමේන්තුවට
මධ්ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ