බලයට පත්වීමට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි පිරිසක් වත්මන් පාලන කාලය තුළ විශ්වාසය තබනු ඇති බවත්, එම විශ්වාසය දිනාගත හැක්කේ අවංකභාවය තුළින් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ෆේස්බුක් සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ කිසිදු ව්‍යාජයක් ආරෝපණය කර නොගෙන, සැබෑ තමන් ලෙස පෙනී සිටිමින් ජනතා විශ්වාසය දිනාගැනීමට කටයුතු කරන බවයි.