වාහන අනතුරු වළක්වා ගැනීමට නව යෝග්යතා පරීක්ෂාවක් හඳුන්වා දෙයි !
මගී ප්‍රවාහනයේ නිරත රථවාහන කිලෝමීටර් 5,000කට වරක් හෝ මාස තුනකට වරක් යෝග්යතා පරීක්ෂාවකට ලක් කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. වාහනය ගරාජයකට ඉදිරිපත් කර, රුපියල් 1,500ත් 2,000ත් අතර මුදලකට අදාළ පරීක්ෂණය සිදු කරගත හැකි බවයි අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. බොහෝ වාහන අනතුරුවලදී තිරිංග නිසි
ලංගමය ශක්තිමත් කිරීමට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමට සහ තවත් 200ක් මිලදී ගැනීමට පියවර
පොදු ප්‍රවාහන සේවාවේ ප්රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම වසර අවසන් වන විට වායුසමීකරණය කළ නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. එමෙන්ම මේ මාසයේදී මෙට්රෝ බස්
“දැන් උතුරට දකුණත් – දකුණට උතුරත් විශ්වාසයි” – බිමල් රත්නායක
ශ්‍රී ලංකාවේ ජනතාව ජාතිය, ආගම හෝ පක්ෂ දේශපාලනය මත පදනම්ව බෙදී වෙන් නොවී ගනු ලැබූ සවිඥානික තීරණය නිසා වත්මන් රජයට 60%ක ප්‍රබල ජනවරමක් හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. පසුගිය මාස දහඅටක කාලය තුළ කිසිදු ජනකොටසක් සිය අනන්‍යතාවය මත සැකයට හෝ අවිශ්වාසයට ලක් නොවන
විද්‍යුත් දුම්රිය සිහිනය සැබෑ කිරීමට රුසියාවේ සහාය ! රුසියාව සමග දැවැන්ත තාක්ෂණික ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් විධිමත් පරිවර්තනයකට ලක් කිරීමේ අරමුණින්, රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික සහ ආයෝජන සහයෝගීතාව ලබාගැනීම සඳහා වූ සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ රුසියාවේ කසාන් නගරයේ පැවැති XVII (17 වැනි) ජාත්‍යන්තර ආර්ථික සංසදයට සමගාමීවය. ශ්‍රී ලංකා රජය නියෝජනය
මත්ද්‍රව්‍ය භාවිත කළ බස් රියැදුරන් පිරිසක් කඩවතදී කොටු වෙයි !
කඩවත බස් නැවතුම්පොළ කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකදී අන්තරායකර ඖෂධ භාවිත කළ රියැදුරන් සහ රිය සහායකයන් හත්දෙනෙකු හඳුනාගත් බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම පරීක්ෂණ ක්‍රියාවට නංවා තිබේ. එහිදී බස් රථ සේවකයින්
බස් මගීන්ගේ රස්තියාදුවට තිත: ආසන වෙන්කිරීමට නව ක්‍රමයක්
දුරගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ පහසුව උදෙසා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ කලින් ආසන වෙන්කර ගැනීමේ නව පහසුකමක් හඳුන්වා දුන් බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. බත්තරමුල්ලේ පිහිටි “මගනැගුම මහමැදුර” පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනතාවගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සහ පහසුවෙන් ඉටු
“අනතුරුවලින් 53%කටම හේතුව රියදුරු විනය නැතිකම” – 2029 ඉලක්ක කරගත් නව ප්‍රවාහන නීති ඇමති බිමල් හෙළි කරයි
මෙරට මාර්ග පද්ධතිය තුළ මගී ආරක්ෂාව තහවුරු කිරීම සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි තීන්දු තීරණ කිහිපයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. ඒ අනුව, මින් ඉදිරියට මගී ආරක්ෂාවට මුල්තැන දෙන බස් රථ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දෙන බවත්, මෙතෙක් භාවිත වූ
ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව යුරෝපා සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ඉතාලියේ රෝම නුවරදී විශේෂ ජන හමුවක් පැවැත්විණි. ජාතික ජන බලවේගයේ රෝම විධායක සභාව විසින් මෙම හමුව සංවිධානය කර තිබුණි. වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය සහ රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳව
රට ගොඩනගන ගමනට ඩයස්පෝරාවේ සහාය ඇමති බිමල්ගේ පැසසුමට
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරාධනයකට අනුව බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ අයර්ලන්තය යන රටවල සංචාරයක නිරතව සිටින ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, පසුගිය 22 වැනිදා නෙදර්ලන්තයේ ලෙයිදන් (Leiden) නගරයේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවිය. මෙහිදී අමාත්‍යවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පසුගිය මාස 15ක කාලය තුළ රටේ
මත්ද්‍රව්‍ය ගන්නා රියදුරන් සොයා දීපව්‍යාප්ත මෙහෙයුම් – අමාත්‍ය බිමල් රත්නායක
මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික වැඩපිළිවෙළක් තුළින් පොදු ප්‍රවාහනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමටත්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන දීපව්‍යාප්තව සිදු කිරීමටත් අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක