මගී ප්‍රවාහනයේ නිරත රථවාහන කිලෝමීටර් 5,000කට වරක් හෝ මාස තුනකට වරක් යෝග්‍යතා පරීක්ෂාවකට ලක් කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. වාහනය ගරාජයකට ඉදිරිපත් කර, රුපියල් 1,500ත් 2,000ත් අතර මුදලකට අදාළ පරීක්ෂණය සිදු කරගත හැකි බවයි අද දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
බොහෝ වාහන අනතුරුවලදී තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට අනාවරණය වී ඇති බවද ඔහු පවසා සිටියේය. වාහන කුලියට ලබා දීමේදී ද, අදාළ අයිතිකරුවන් විසින් එහි වගකීම භාරගත යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය වන අතර, එලෙස කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.