මැදපෙරදිග අර්බුදයේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකා සිද්ධියේදී මානවවාදීව කටයුතු කළා – ජනාධිපති
මැදපෙරදිග ගැටුමේදී සහ ඕනෑම ජාත්‍යන්තර අර්බුදයකදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ වෙනත් රාජ්‍යයකට පීඩාවක් වන අයුරින් භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්
රාජ්‍ය උත්සව අත්හිටුවයි; අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන දෙන්න ජනපතිගෙන් විශේෂ කමිටුවක්
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සැපයුමට එල්ල වී ඇති අභියෝග කළමනාකරණය කරමින්, ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී
ලංගමයේ ත්‍රාඩ දේශපාලන යුගය අවසන්: අලුත් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ජනපතිගෙන් පත්වීම්
ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩ පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට නිර්මාණය කරමින් පවතින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. නිසි ප්‍රමිතියෙන් යුත් නව බස් රථ ධාවනයට එක් කිරීමටත්, පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීමටත් රජය සැලසුම් සකස්
මැදපෙරදිග ගැටුමේදී ශ්‍රී ලංකාව මධ්‍යස්ථයි; ඉරාන නෞකාව සහ නාවිකයන් භාර ගැනීමට තීරණයක් – ජනාධිපති
මැදපෙරදිග හෝ ඕනෑම ජාත්‍යන්තර ගැටුමකදී ශ්‍රී ලංකාවේ ස්ථාවරය වන්නේ මධ්‍යස්ථව කටයුතු කිරීම බවත්, කිසිදු රාජ්‍යයකට පක්ෂපාතීව හෝ පීඩාවක් වන අයුරින් ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ
“සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ රජයක් ලෙස සුබදායී තත්ත්වයක් අපේක්ෂා කරන අතරම, සිදුවිය හැකි නරකම දෙයට මුහුණ දීම සඳහා සූදානම් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මෙම යුද ගැටුම ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයටත් අහිතකර ලෙස බලපෑ
රජයේ ජනප්‍රියත්වය 65% පනී; ආර්ථික විශ්වාසය දෙගුණ වෙයි – සමීක්ෂණ වාර්තා හෙළි කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය සම්බන්ධයෙන් සිදු කළ ජනමත විමසුම් දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමත් සමඟ, දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයින්ගේ දැඩි අවධානය ඒ වෙත යොමු වී තිබේ. වෙරිටේ රිසර්ච් ආයතනය (Verité Research) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA) සිදු කළ සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇත්තේ රජයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්
කිසිදු රටකට AI අනාගතයක් තනිව ගොඩනැගිය නොහැකියි; ජනපති අනුර ලෝක නායකයන් හමුවේ කියයි
කිසිවෙකුත් මග නොහැරෙන සේ ආචාරධර්ම මූලික කරගත් කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමූහිකව ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI Impact 2026’ සමුළුවට සමගාමීව පැවති රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා අද (19)
ජනාධිපති අනුර සහ අගමැති මෝදි අතර නවදිල්ලියේදී විශේෂ හමුවක්; ජනපති අද සමුළුව අමතයි
“AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් ඊයේ (18) රාත්‍රියේ නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී (Bharat Mandapam) සිදු විය. මෙම හමුවෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට
ජනපති අනුරගේ ඉල්ලීමට පාකිස්තාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්; ඉන්දු – පාකිස්තාන තරගය 15 දා කොළඹදී
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ස්තූතිය පළ කරයි. ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය ලබා
දිට්වා විපතට පත් මහනුවර ජනතාවට වන්දි සහ නිවාස; මහයියාව උමග සහ ගැටඹේ පාලම වැඩ ඇරඹේ
‘දිට්වා’ සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව සඳහා නව නිවාස ඉදිකර දීම, වන්දි ප්‍රදානය සහ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හෙට (06) මහනුවරදී සිදු කිරීමට නියමිතය. ඒ අනුව කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදාවට ලක්වූ කර්මාන්තකරුවන් සහ නිවාස හානි