ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පෙරමුණට දමමින් බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් පිරිසක් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ නීති විරෝධීව රැඳී සිටිමින් සිදු කළ විරෝධතා ක්‍රියාමාර්ග ඊයේ (25) රාත්‍රියේ සිදුකළ ප්‍රකාශයකින් අනතුරුව අවසන් කර තිබේ.

මෙම විරෝධතාව අතරතුර, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ඇතුළු දේශපාලනඥයන් සමඟ බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් කිහිප නමක් තරු පහේ හෝටල් තුළ සැරිසැරූ බවට සාක්ෂි සහිතව තොරතුරු හෙළි වී ඇතැයි චෝදනා එල්ල වේ. මෙම විරෝධතා ක්‍රියාමාර්ගය තරු පහේ හෝටල් දක්වා දියත් වූවක් බවට ද එහිදී කරුණු දක්වා ඇත.

විරෝධතාව අවසන් කරමින් අදහස් දැක්වූ බලංගොඩ කස්සප හිමි, “ඒ වගකීම මහානායක හාමුදුරුවරු ගන්නවා කියලා දැනුම් දුන්නා” යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර, උලපනේ සුමංගල හිමි ද ඒ හා සමාන ප්‍රකාශයක් සිදුකර තිබේ.

කෙසේ වෙතත්, මහානායක හිමිවරුන් විසින් නිකුත් කරන ලද ලිපියේ සැබෑ අදහස විකෘති කරමින් මෙම පාර්ශ්වය අදහස් දැක්වූ බවටත්, එමඟින් මහානායක හිමිවරුන් පාවාදීමක් සිදුකර ඇති බවටත් චෝදනා එල්ල වී ඇත.