හබරාදූව කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී රතු සංඥා නොතකා ධාවනය කර සීඝ්රගාමී දුම්රියක ගැටුණු බස් රථයේ මාර්ග බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති විශ්රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ පැවසීය.
කොට්ටාව ප්රදේශයේ උපකාරක පන්තියක 61 දෙනෙකු රැගත් මෙම බස් රථය අනතුරට ලක්වීමෙන් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා කරාපිටිය හා උණවටුන රෝහල්වලට ඇතුළත් කර ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල වේ. මෙම බස් රථය රුක්මල්ගම – පිටකොටුව (138) මාර්ගයේ ධාවනය වන එකක් බවට විමර්ශනවලදී තහවුරු වී තිබේ.