මෛත්රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්වී 2018 ඔක්තෝබර් 26 වැනි දින දියත් කරන ලද කුමන්ත්රණය පාස්කු දින ම්ලේච්ඡ ප්රහාරය සඳහා මූලික අඩිතාලම සපයනු ලැබූ බව සඳහන් වේ.
මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක අමාත්යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්රණයක් පවතින බවට නාමල් කුමාර නමැත්තෙකු මාධ්ය හමුවේ ප්රකාශයක් සිදු කළේය. එය පදනම් කර ගනිමින් මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අග්රාමාත්ය ධුරයෙන් රනිල් වික්රමසිංහ නෙරපා හැර මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් කරනු ලැබීය. එය දින 52ක ඔක්තෝබර් කුමන්ත්රණය ලෙසින් මෙරට දේශපාලන ඉතිහාසයට එක්ව තිබේ.
නාමල් කුමාර විසින් කරන ලද හඬපට ප්රකාශය මූලික කර ගනිමින්, සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටි ත්රස්ත විමර්ශන ඒකකයේ (TID) එවකට හිටපු ප්රධානී නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන අදාළ විමර්ශන කඩාකප්පල් කරනු ලැබීය.
එහි ප්රතිඵලයක් ලෙස 2019 අප්රේල් 21 වැනි දින පාස්කු ඉරුදින ප්රහාරය එල්ල කිරීමට පැවති බාධා ඉවත් වූ අතර, අනතුරුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ නාමයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට ඉදිරිපත් විය.