මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවීමකට සම්බන්ධයෙන් වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යොහාන් වික්‍රමසිංහ පොලිසිය විසින් පසුගිය 07 වැනිදා (පෙරේදා) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් යොහාන් වික්‍රමසිංහ මීට පෙර පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ වත්තල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. එමෙන්ම ඔහු 2025 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කරමින් වත්තල, මාටාගොඩ කොට්ඨාසය සඳහා අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වූ අයෙකි.