ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර අනාගත සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (07) උදෑසන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා අතර මෙම හමුව සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඉදිරි 81 වන සැසිවාරයට අදාළ කටයුතු සහ එහිදී ශ්‍රී ලංකාව මුල්තැන ලබා දීමට අපේක්ෂා කරන ප්‍රමුඛතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කර තිබේ.
එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන හවුල්කාරිත්වය, UN80 ක්‍රියාවලිය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගීතා රාමුව (UNSDCF) මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) පිළිබඳ ශ්‍රී ලංකාවේ තුන්වන ස්වේච්ඡා ජාතික සමාලෝචනය පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පුළුල් බහුපාර්ශ්වික පද්ධතිය සමඟ පවතින වටිනා සබඳතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව සතු ස්ථිර කැපවීම ද මෙහිදී යළිත් තහවුරු කෙරිණි.