ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, දුම්රිය ස්ථාන 100ක් පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ”සිහින ගමනාන්තය” (Dream Destination) ජනතා වැඩසටහන යටතේ නවීකරණය කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට පවරා දීම අද (3) සිදු කර තිබේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පෞද්ගලික ව්‍යවසායකත්ව සේවා සහ මූල්‍ය දායකත්වයෙන් මෙම ”සිහින ගමනාන්තය” වැඩසටහන ක්‍රියාත්මක කරයි.
අද දින ජනතා පරිහරණයට පත් කළ පොළොන්නරුව දුම්රිය ස්ථානය අරලිය සමූහ ව්‍යාපාරය විසින් රුපියල් මිලියන 35ක මුදලක මූල්‍ය දායකත්වයෙන් නවීකරණය කර ඇත.
ඒ යටතේ විවේකාගාර, දුම්රිය භාණ්ඩ ගබඩාව, පූජ්‍ය පක්ෂය සඳහා වන මැදිරි, මෙන්ම පුරුෂ හා කාන්තා විවේකාගාර ආදී අංගයන් පැරණි ගොඩනැගිල්ල නවීකරණය කිරීමෙන් අනතුරුව නව පහසුකම් යටතේ ගොඩනගා තිබේ.