වත්මන් ආණ්ඩුව ‘වැටෙන තෙක්’ මාස තුනෙන් තුනට බලා සිටි දේශපාලන පක්ෂ සහ නායකයින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි.
ඔවුන් ආණ්ඩුව වට්ටන තැනට වැඩ කිරීමට උත්සාහ කළ බවත්, බන්ධනාගාරයට ද අත තබා ආණ්ඩුව වැට්ටවීමට උත්සාහ කළත්, එලෙස ආණ්ඩුව වැට්ටවීමේ කිසිදු හැකියාවක් නොමැති බවත් ඇය ජන හමුවක් අමතමින් සඳහන් කළාය.
කොපමණ මාධ්‍ය බලයක්, රාජ්‍ය බලයක් හෝ මුදල් බලයක් තිබුණද, රජය විශ්වාස කරන එකම බලවේගය ජනතාව බවත්, ආණ්ඩුව මනා සංවිධාන ශක්තියකින් යුක්ත බවත් ඇය ප්‍රකාශ කළාය.
එමෙන්ම, මත්ද්‍රව්‍ය තුරන් කර තරුණයන්ට යහපත් අනාගතයක් උදා කරදීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ සිදු කරන බවත්, ආණ්ඩුවක් ලෙස ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන් කැපවී කටයුතු කරන බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළාය.