අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි සහායකයන්ගේ දරුවන් සඳහා 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මඟින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි සහායකයන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන අතර, එහි පළමු පියවර යටතේ උතුරු මැද පළාතේ ලොතරැයි අලෙවිකරණයේ යෙදෙන සහායකයන්ගේ දරුවන් 65 දෙනෙකු වෙනුවෙන් අද දින ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පෙන්වා දුන්නේ ජනාධිපති අරමුදල වෙත ලැබෙන සෑම රුපියලකම ප්‍රතිලාභ සහන අවශ්‍ය ජනතාවටම හිමි වන බවයි. 2026 වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා වූ මාස 6ක කෙටි කාලය තුළ, 22,000ක් වන සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිත ජාලය විසින් ජනාධිපති අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 5,112ක මූල්‍ය දායකත්වයක් සපයා තිබෙන බව කථානායකවරයා සඳහන් කළේය. වසර 50ක ඉතිහාසයක් ඇති ජනාධිපති අරමුදල ඩිජිටල්කරණය සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට විමධ්‍යගත කර ඉතා පහසුවෙන් ළඟා විය හැකි සේවාවක් බවට පත් කර ඇති බව ද ඔහු පැවසීය.
උත්සවය ඇමතූ නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ ග්‍රාමීය දුප්පත්භාවය නැති කිරීමට නම් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දරුවන්ගේ කුසලතා දියුණු කර, ලෝකයට ගැළපෙන වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බිහි කිරීම රජයේ අරමුණ බව ඔහු ප්‍රකාශ කළේය.
ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ අදහස් දක්වමින් කියා සිටියේ, ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ද අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා දීමට පාලක මණ්ඩලය තීන්දු කළ බවයි. වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණේ උතුරු මැද පළාතෙන් බැවින් පළමු වැඩසටහන අනුරාධපුරයේදී ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, පී.ඩී.එන්.කේ. පලිහේන, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ, ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල සාමාජික ජේ. ආර්. පී. ජයකොඩි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.එච්.ස්වර්ණතිලක, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී. සිරිල් ඇන්තනී පෙරේරා ඇතුළු පළාතේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.