සෑම පුරවැසියෙකුටම තමන්ගේම වාහනයක් භාවිත කරමින් සතුටින් ජීවත් විය හැකි සහ ඒ හරහා තම අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගත හැකි රටක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම අපේක්ෂිත තත්ත්වය ළඟා කරගැනීම සඳහා රට තුළ විශාල ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කිරීමට අවශ්‍ය වන බවයි.

මීට වසර දෙකකට පෙර මෙරටට වාහන ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර වී තිබුණ ද, රජය විසින් ආර්ථිකය ස්ථාවර කරගැනීම නිසා ඉතා කෙටි කාලයක් තුළ නැවතත් වාහන ආනයනය සඳහා ඉඩ සැලසීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

රටේ මහජනතාවට වැඩි වැඩියෙන් වාහන මිලදී ගැනීමට සහ ඒවා පරිහරණය කිරීමට හැකි ආර්ථික පසුබිමක් රට තුළ උදා කිරීම සැමගේම බලාපොරොත්තුව වන බව ද අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් අවධාරණය කළේය.